gossiplankanews- කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොතෙන් කිරි වැනි දියරයක් ස්‍රාවය වෙලා

කිරිවෙහෙරකතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ළෙන් අද (14දා) කිරි වැනි දියරයක් ස්‍රාවය වූ බව කිරි වෙහෙර රාජමහා විහාරාධිපති ශ්‍රාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද හිමියෝ පැවැසූහ.
එසේම අද දින කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිරිපිට සිල් සමාදන්ව සිටි උපාසක උපාසිකාවන්ද මෙම සිදුවීම දුටු බවත් ඔවුහුද සඳහන් කළහ. අද පෙරවරු 11.05ට යෙදී තිබුණ වැඩ ඇල්ලීමේ, ගනුදෙනු කිරීමේ හා ආහාර අනුභව කිරීමේ නැකත පැවැති වේලාවේදී මෙම සිදුවිම සිදුවූ බවත් කොබවක ධම්මින්ද හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.
කතරගම ආරියපාල රත්නායක

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’