gossiplankanews- මෙහෙයුම් කඩිනම් කරන්න - ද.කොරියා ජනාධිපතිනි

දියබත් වූ මගී නෞකාවෙන් දිවි ගලවා ගත් පුද්ගලයන් සොයා ගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙස දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ගෙන් හියු (Park Geun-hye) බේරා ගැනීමේ කණ්ඩායම් වලින් ඉල්ලා සිටී.
සිය ගණනක් පාසල් සිසුන් ද ගමන් කළ එම මගී නෞකාව බදාදා අනතුරට පත් විය.
දිය බත් වෙමින් තිබූ නෞකාව අසල බෝට්ටුවක සිට අනතුරට පත් නෞකාව සියැසින්ම දුටු ජනාධිපතිනි පාක් ගෙන් හියු (Park Geun-hye) බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා ඇති කාලය ඉක්ම යමින් තිබෙන බව කියා සිටියාය.

තත්පරයක්ම තීරණාත්මකයි

ගතවන සෑම තත්පරයක්ම ඉතාමත්ම තීරණාත්මක බවයි ඇය කියා සිටියේ.
මේ වනවිට නව දෙනකු මියගොස් ඇති බව තහවුරු කොට ඇති නමුත් තුන් සියයකට ආසන්න පිරිසක් අතුරුදහන් වී ගොසින්.
සැඩ සුළං සහ මුහුදු රැළි සමග පොර බදිමින් කිමිදුම් කරුවෝ අනතුරට ලක් වූ නැවට ලඟා වීමට උත්සාහ දරමින් සිටිති.

මුහුදේ පාවෙමින් සිටි තිදෙනක් ධීවර බෝට්ටුවක් විසින් බේරා ගනු ලැබිණ.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති