gossiplankanews- ද. කොරියානු නැවේ සියයකට වැඩි මළ සිරුරු හමුවේ

සෙවීමේ මෙහෙයුම්
දකුණු කොරියානු නෞකාව අනතුරට පත්වීමෙන් මිය ගිය සිය දෙනකුට වැඩි පිරිසක ගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.
ඉකුත් සතියේ මුහුදු බත් වූ එම නෞකාවේ කුටිවල සහ විවෘත ශාලාවේ තිබී එම මළසිරුරු සොයා ගන්නා ලද්දේ කිමිදුම් කරුවන් විසින්.

ප්‍රධාන වශයෙන් සෝල් (Seoul) නගරය අසල පාසලක සිසුන් ඇතුළු තවත් දෙසියයක් පමණ තවමත් අතුරුදහන්ව ඇති බවටයි වාර්තාවන්නේ.නෞකාවේ භෝජනාගාරය තුල තවත් මළ සිරුරු ඇති බව විශ්වාස කරන කිමිදුම්කරුවෝ ඊට ඇතුල්වීමට උත්සාහ දරමින් සිටිති.

නෞකාව විශාල වශයෙන් ඇලවී තිබූ නිසා තමන්ට ආරක්ෂක ඔරු මුහුදට දැමීමට නොහැකිවූ බව අත්අඩංගුවට ගෙන සිටින නැවේ කාර්ය මණ්ඩලය පවසති.

විපතට පත්වූවන්ගේ ඥාතීන් හා සාකච්ජා කිරීමෙන් පසු නැව ලබන බ්‍රහස්පතින්දා කෙළින් ඔසවා තැබීමට උත්සාහ කරන බවයි නිලධාරීන් පැවසුවේ.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති