gossiplankanews- යුද හමුදාව උතුරේ ගුරු සිසු තොරතුරු සොයයි

යුද හමුදාවේ භට කණ්ඩායම් මේ දිනවල මන්නාරමේ පාසල් වලට යමින් විදුහල්පතිවරුන්,ගුරුවරුන් හා සිසුන් පිළිබදව තොරතුරු එක් රැස් කරණ බවට තමන්ට පැමිණිලි ලැබෙමින් පවතින බව මඩු පළාතේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.කෲෂ් පවසයි.
මෙසේ පැමිණෙන යුද හමුදා සාමාජිකයින් පාසල් ළමුන්ගේ පවා ඡායාරූප ලබාගෙන ඇති බවද ඔහු සදහන් කළේය.

නීති විරෝධීයි
කෙසේ වෙතත් මෙම සිද්ධිය නිසා මන්නාරම පළාතේ විදුහල්පතිවරුන්,ගුරුවරුන් හා සිසුන් දැඩි ලෙස බියට පත්ව සිටින වගද හෙතෙම පැවසුවේය.මේ තත්ත්වය අධ්‍යාපන ලේකම්වරයාගේ නීතිරීති වලට පටහැණි වුවත් යුද හමුදාව විසින් ආරක්ෂාව වෙනුවෙන් යැයි කියමින් සිදු කරණ මෙම ක්‍රියාදාමයට කිසිවකුටත් විරුද්ධ විය නොහැකි බවයි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අදහස් දක්වමින් කියා සිටියේ.

බිය වැද්දීමක්

මේ ගැන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්ගෙන් විමසුවිට ඔහු කියා සිටියේ මන්නාරමේ පමණක් නොව කිළිනොච්චි පළාතේ පාසල් වලද මෙවැනිම තත්ත්වයක් ක්‍රියාත්මක වන බවයි.
රටේ පවතින නීති රීතිවලට අනුව මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම නීති විරෝධී මෙන්ම පාසල් ප්‍රජාව මුළුමනින් බිය වැද්දීමක් ලෙසද තමන් මෙය දකින බව කී ජෝෂප් ස්ටාලින් මේ ගැන ලංකා ගුරු සංගමය සිය අප්‍රසාදය පල කොට සිටින වගද කියා සිටියේය.
මන්නාරමේ පමණක් නොව උතුරු පළාතේම පාසල් තුල සිදු වන මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ආරක්ෂක අමාත්‍යංශය දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ජෝෂප් ස්ටාලින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමට යුද හමුදා ප්‍රකාශකයා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක නොවිණ.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති