gossiplankanews- ගෝපිගේ මව නිදහස් කෙරේ
ගෝපි හෙවත් සෙල්වනායගම් පොන්නයියා ගජීපන්
ගෝපිගේ මව ඉරිදා විනිසුරුවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිදහස් කළ බවයි වවුනියාවේ දිනසේන රතුගමගේ ඒ පිළිබඳ කළ විමසීමකදී ත්‍රස්ත මර්දන ඒකකයේ නිළධාරියෙකු ප්‍රකාශ කොට තිබෙන්නේ.
ගෝපි ගේ නායකත්වයෙන් එල්ටීටීඊ ය යලි පණ ගැන්වීමට උත්සාහ කිරීමේ චෝදනා මත පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් රැඳවුම් භාරයට ගත් සංඛ්‍යාව හැට පහක්.ඊට අමතරව සඳුදා වන විට තවත් රැඳවියන් දහතුන් දෙනෙකුද නිදහස් කොට ඇති බවත් ඔහු පැවසීය.
හතළිස් දෙදෙනෙකු රැදවුම් භාරයේ
මේ වන විට එයින් විසිතුන් දෙනකු නිදහස් කර ඇති අතර තවත් හතළිස් දෙදෙනකු තවමත් රැඳවුම් භාරයේ පසුවෙති.
ඔවුන් නිදහස් කිරීම පිළිබඳව ඉදිරියේදී තීරණය කිරීමට නියමිත බවයි අදාළ නිලධාරියා සඳහන් කළේ.
තවමත් රැඳවුම් භාරයේ සිටින්නන් අතර මියගිය ගෝපිගේ බිරිඳ වන ශර්මිලාද වේ.
නිදහස ලැබූ ගෝපිගේ මව බැලීමට ඔහුගේ මාමා කෙනෙකු සඳුදා කිලිනොච්චියේ සිට ත්‍රිකුණාමලයට ගොස් තිබුණු අතර ඔහු දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක වූ බවයි, දිනසේන රතුගමගේ පවසන්නේ.
ත්‍රස්ත විරෝධී පනත යටතේ රඳවා සිටින පිරිස සහ ගෝපිගේ මව පිළිබඳව කළ විමසීමකදී පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශයට කියා සිටියේ අගහරුවාදා වන විට තමාට මේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් නිකුත් කළ හැකි බවයි.
Comments
Post a Comment