gossiplankanews- සෞදි යේ ලාංකිකයින්ගේ සේවා සීමා වීමට යයි

සෞදිනීති විරෝධී ලෙස සෞදි අරාබියේ රැකියාවල නිරතවී සිටින පිරිස් සිරගත කිරීමට හා නෙරපා හැරීමට දැඩි විධිවිධාන ක්‍රියාත්මක කිරීමට එරට රජය තීරණය කර තිබේ.
සෞදි අරාබිය තුළ ශ්‍රී ලංකාවේ අතිබහුතරයක්ද සහිතව ලොව විවිධ රටවලින් සංක්‍රමණය වන මිලියන 09 ක පමණ පිරිසක් රැකියාවල නිරතවී සිටින බව සඳහන්ය.
එසේ වුවද එරට රජය දැඩිව ක්‍රියාත්මකවීම හේතුවෙන් ඉකුත් වසරේ සංක්‍රමණිකව නීති විරෝධී ලෙස ජීවත්වන හා රැකියාවල නිරත සංඛ්‍යාව මිලියනයකින් පමණ අඩුවී ඇති බව අරාබි පුවත්සේවා පෙන්වාදෙයි.


යළි ‘අරාබි වසන්තයක්‘ බිහිවීම වළක්වනු පිණිස විදේශිකයන්ට විවරවී ඇති රැකියා වෙළඳපොළ යළි ස්වදේශිකයන්ටම ලබාදීමට සෞදි ආගමන විගමන නීති දැඩි කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
නීති විරෝධී ලෙස එරට රැඳී සිටින හා වීසා නොමැතිව රැකියාවල නිරත විදෙස් උදවියට දැඩි දඬුවම් වලට ලක්වන්නට සිදුවනු ඇති බව සෞදි ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරන ලදී.
සෞදි අරාබියේ 12% ක් පමණ වූ පිරිසක් රැකියා වියුක්තියෙන් සිටිනු නමුදු එය ඉතා සුළු ප්‍රමාණයක් බැව් සැලකිය හැක්කේ එරට වැඩකළ හැකි ජනයාගෙන් 2/3 ක ප්‍රමාණයක්ම රැකියා කිරීමට කැමැත්තක් නොදැක්වීම නිසා බැව්ද කියැවෙයි.
කෙසේ වුවද ගෙවුණු වසර දෙකක පමණ කාලයක සෞදි වැඩකරන ජනයා ප්‍රමාණාත්මකව දෙගුණයකින් වැඩිවී ඇති බව එරට කම්කරු අමාත්‍ය අඩෙල්-අල්-ෆකෙයින් පවසයි.
මේවන විටද එරට සේවයේ යෙදෙන විදේශීය ශ්‍රම බලකාය යෙමනය,ඊජිප්තුව,සුඩානය,ඉතියෝපියාව,පකිස්ථානය,ඉන්දියාව,නේපාලය මෙන්ම ශ්‍රී ලංකාවද නියෝජනය කරන බැව් කිව යුතුව තිබේ.



gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia