gossiplankanews- රජය කියන මිළට සහල් දෙන්න බැහැ

අළුත් අවුරුද්දේ කෑම පිසීමට වළන් තෝරන පාරිභෝගිකයන්ට සහාය වන වෙළෙන්ද්දෙක්
අළුත් අවුරුදු සමයේ රජයේ අනුමත අවම මිළට සහල් තොග වශයෙන්වත් මිළදී ගත නොහැකි බවට සහල් වෙළෙන්දෝ චෝදනා කරති.
පාරිභෝගිකයින්ට අඩු මිළට සහල් ලබාදෙන බවට රජය පොරොන්දු වුවත් ඒ මිළට තමාට සහල් විකිණීමට නොහැකි බව සහල් ව්‍යාපාරික බී කේ සරණපාල පැවසුවේය.

පේමන්ට් එකෙන් බඩු ගන්නෙ
මේ පිළිබද අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ නාඩු සහල් කිලෝවක් තමා තොග වශයෙන් මිළදී ගන්නේ රුපියල් හැත්තෑ දෙකකට නිසා කෙසේවත් සහල් කිලෝවක් රුපියල් හැට හයකට විකිණිය නොහැකි බවයි.

"හුගාක් දෙනා පේමන්ට් එකෙන් බඩු ගන්නවා. මිළ අඩු නිසා,බාල රෙදි විකුනන්නේ එත් චීත්තයක් ගන්න කඩේකට ගියොත් රුපියල් හත්සීයක් විතර යනවා.ඒක නිසා පේමන්ට් එකෙනුයි බඩු ගන්නේ"
පාරිභෝගිකයෙක්
මෙවර අළුත් අවුරුද්දේ ජනතාව පදික වෙළදුන්ගෙන් බඩු ගැනීමට දැක්වුයේ වෙනදාට වඩා වැඩි නැබුරුවක් බව අප බීබීසී වාර්තාකරු සංදේශයට පැවසුවා.
අවුරුදු සමයේ රෙදිපිළි,විසිතුරු භාණ්ඩ හා මැටි වළන් විකුණන පදික වෙළදුන්ගෙන් ප්‍රධාන නගරයන්හි මග දෙපස පිරි තිබෙනු දක්නට හැකි වු බව ඔහු වැඩිදුරත් කියා සිටියේය.
රජයේ පාසලක ගුරුවරියකු වූ එච් කේ මොරීන් පැවසුයේ තම දරුවා සමග රෙදි මිලදී ගැනීමට කඩපොළට ගිය අවස්ථාවේ වෙනදාට වඩා මෙවර රෙදිපිළි මිළ ගණන් වැඩි බව තමාට තේරුණු නිසා තම පවුල අවුරුද්දෙන් පසු රෙදි මිළදි ගැනීමට තීරණය කළ බවත් රෙදිපිළි මිලගණන් පමණක් නොව අහාර ද්‍රව්‍ය මිළ ගණන්ද එකකට එකක් වැඩි බැවින් තමා සතියකට පමණක් සෑහෙන අහාර මිළදී ගත් බවයි.
මේ අතර අළුත් අවුරුද්දට ඇදුම් මැසීමට පැමිණෙන්නන්ගේ අඩුවක් ඇති බව පැවසු ඇදුම් මැසීමේ ශිල්පිනියක වන බී කේ ආරියවති ඊට හේතුව ලෙස දකින්නේ අවසාන මොහොතේ මුදල් ලැබෙන පාරිභෝගිකයින් නිමි ඇදුම් මිළදී ගැනීමට නැබුරු වීමයි.

සුළු අපනයනවලට හොදයි

එහෙත් සුළු අපනයන භෝග වැවිලිකරුවෙකු වන කොළොන්නේ ඩී පොඩිමහත්තයා පැවසුවේ මෙවර ගම්මිරිස් පලදාව තමාට අතිරේක අදායමක් ලබාදුන් බවයි.
මේ නිසා මෙවර අළුත් අවුරුද්ද තමා ඇතුළු සියළුම සුළු අපනයන භෝග වගාකරුවන්ට ඉහළින් සැමරීමට හැකිවන බව ඔහු පවසයි.

කණකර උකසට

මේ අතර මුදල් අගහිගකම් නිසා සමහරුන් වැඩි අත්තිකාරම් මුදල් බලාපොරොත්තුවෙන් රත්තරන් බඩු පුද්ගලික ආයතනවල උකසට තබන බව රජයේ බැංකු නිළධාරින් පවසයි.

කොපමණ අගහිගකම් තිබුණත් තම දරුවන්ට අළුත් අවුරුද්ද සැමරීමට හැකි සියල්ල කරන බව කාගේත් අදහසයි.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia