gossiplankanews- කුවේටයේ ඉන්න බිරිඳට යවන්න මුරුංගා කඩන්න ගසට නැග්ග සැමියා වැටී නසී
මේ පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය ඉබ්බාගමුව හදිසි මරණ පරීක්‍ෂක ඩී. එම්. එස්. කේ. දහනක මහතාගේ මෙහෙයවීමෙන් පොල්ගොල්ල දිසා රෝහලේදී පැවැත්විණි. එහිදී මියගිය අයගේ මස්‌සිනා වන ප්‍රසන්න රජපක්‍ෂ (48) යන අය සාක්‍ෂි දෙමින් මෙසේ පැවසීය.
මියගොස් සිටින්නේ මගේ අක්‌කාගේ සැමියාය. මගේ අක්‌කා ක්‌වේටයේ රැකියාවක් කරනවා. මමත් රැකියාව කරන්නේ ඇය සමගයි. පසුගිය දිනක මා ලංකාවට පැමිණියා. එසේ පැමිණ නිවාඩුව ගත කර යළි 22 වැනිදා ආපසු යැමට නියමිතව තිබුණා. එනිසා පසුගිය 20 වැනිදා සවස 4.00 ට පමණ මස්‌සිනා මුරුංගා කැඩීමට කියා පිටව ගියා. එම මුරුංගා රැගෙන ගොස් අක්‌කාට දීමට අපි දෙදෙනා කථිකා කරගෙන තිබුණා. ඔහු නොපැමිණි නිසා සොයා බැලුවා. එවිට අපි සිටින ස්‌ථානය අසල ඇති නිවසක වත්තේ තිබූ මුරුංගා ගසක අත්තක් කැඩී තිබෙනවා දුටුවා. නමුත් මස්‌සිනා සිටියේ නෑ. තවදුරටත් සොයා බලද්දී ඒ අසලම තිබූ ළිඳක වසා තිබූ ටකරමක්‌ද ඈත්වී තිබෙනු දුටුවා. එම ළිඳ තුළ මස්‌සිනාගේ සිරුර පාවෙමින් තිබුණා. පසුව ඔහු ගොඩට ගෙන පොල්ගොල්ල රෝහලට ගෙන ගියත් මියගොස් සිටි බව වෛද්‍යවරයා පැවසුවා.
මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය පොල්ගොල්ල දිසා රෝහලේ වෛද්‍ය ඩබ්. ඒ. ඩී. ජී. විඡේසූරිය මහතා විසින් සිදු කරන ලදී. මෙය ළිඳකට ඇද වැටී ජලය පෙවීම නිසා ඇති වූ හුස්‌ම හිරවීමෙන් සිදු වූ මරණයක් බවට හදිසි මරණ පරීක්‍ෂකවරයා නිගමනය කළේය.
ගොකරැල්ල පොලිසියේ පො. සැ. 20517 අමරසිංහ මහතා සාක්‍ෂි මෙහෙයවීය.
gossiplankanews-
Comments
Post a Comment