gossiplankanews- පෙම්වතියගේ හෙළුව ලෝකයාට පෙන්වූ අයට දඬුවම් “නැවත කලොත් පමණයි”

පෙම්වතියගේවිසි හතර හැවිරිදි පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කිරීම , ඇයට සාපරාධිව තර්ජනය කිරීම  හා කෙළෙසීම යන චෝදනා වලට වරද පිළිගත් 19 හැවිරිදි තරුණයකුට දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා මාස තුනක හා මාස හයක සිර දඩුවම් නියම කර වසර පහකට අත් හිටුවීය.
පැමිණිලිකාරිය පෞද්ගලික අංශ සේවිකාවකි.මාස දහයකට පෙර දෙදෙනා ෆේස් බුක් වෙබ් අඩවියෙන් හමු වී ‘චැට්’ කර ඇතැයි ද ඇගේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමත් සමඟ ගිය වසරේ නොවැම්බර් 22 දා පොලිසියට පැමිණිළි කැර ඇතැයිද නඩුවේදී කියැවිණි.


පසුගිය 18 වැනිදා කුරුණෑගල නගරයේදී මොහු අත්අඩංගුවට ගනු ලැබීය. ඇහැලියගොඩ පරකඩුවේ තරුණයකුට මේ දඬුවම නියම විය.මහේස්ත්‍රාත් ඔහුට තරයේ අවවාද කළේය. යළි මෙවැනි දෙයකට හසු වුවහොත් එදින සිට සිර දඬුවම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.

gossiplankanews- 

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’