gossiplankanews- විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතුයි - කරු
'ඩඩ්ලි සේනානායක හදිසි නීතිය යොදා ගත්තේ ජනතාව ආරක්ෂා කිරීමට'
එමෙන්ම එළඹෙන ජනාධිපතිවරණයකදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කෙරෙහි සමස්ත විපක්ෂයේ අවධානය පළ විය යුතු බවත් පක්ෂයේ වැඩ බලන නායක කරු ජයසූරිය මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේය.
ඩඩ්ලි සේනානායක අගමැති ධූරය හෙබැවූ සමයේ පුද්ගලික අංශයේ සේවකයින් තම පඩි වැඩි කරන ලෙස ඉල්ලීමක් කළ විට හාම්පුතුන් එම යෝජනාවට විරෝධය පළ කළ නමුත් අගමැතිවරයා හදිසි නීතිය ප්‍රයෝජනයට ගනිමින් සේවකයන්ගේ යෝජනා අනුමත කිරීමට සහයෝගය ලබාදුන් අවස්ථාව කරු ජයසූරිය මන්ත්‍රීවරයා සිහිපත් කළේ හිටපු අගමැතිවරයා පිළිබඳ සමරු උත්සවයකදී තමන් පැවැත්වූ දේශණය උපුටා දක්වමින්.හිටපු අගමැති ඩඩ්ලි සේනානායක වැන්නෙක් විධායක ජනාධිපතිධුරය හෙබවූයේ නම් වර්තමානයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනැගීමට ඉඩ තිබුණු බවද ඔහු ප්‍රකාශ කළේය.
'පොදු අපේක්ෂකයෙක්'
ජේආර් ජයවර්ධන විධායක ජනාධිපති ධූරයක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ එවකට එක්සත් ජාතික පක්ෂ නායකයා වූ ඩඩ්ලි සේනානායක එයට විරෝධය පළකරමින් යම් දිනෙක විධායක ජනාධිපති බලතල හරහා ඒකාධිපති පාලකයකු බිහිවීමට ඇති ඉඩකඩ පිළිබඳව අනතුරු ඇඟවූ ආකාරය ඔහු සිහිපත් කළේය.
1978 දී තම පක්ෂයට විධායක ජනපති ක්‍රමය නිර්මාණය කිරීමට එවකට රටේ පැවති තත්වය බලපෑ නමුත් පසුව එම ධූරය සතුව තිබෙන සාධනීය ලක්ෂණවලට වඩා නිශේධනීය ලක්ෂණ වැඩි බව එක්සත් ජාතික පක්ෂය වටහා ගත්තේ යැයිද ඔහු සඳහන් කළේය.
එබැවින් මීට වසර පහකට ඉහතදී පවත්වන ලද පක්ෂ සම්මේලනයකදී විධායක ජනපති ධුරය අහෝසි කරන බවට එකසත් ජාතික පක්ෂය තීරණය කළ බවත් කරු ජයසූරිය මන්ත්‍රීවරයා පවසයි.
දහ අටවන ව්‍යවස්ථා සංශෝධනය මාර්ගයෙන් විධායක ජනාධිපති ධුරයට තවත් බලතල එක්කරමින් ඒකාධිපති බලතල ලැබුණු බැවින් වහාම විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බවයි, කරු ජයසූරිය වැඩබලන එක්සත් ජාතික පක්ෂ නායකයා අවධාරණය කර සිටින්නේ.
එබැවින් එළඹෙන ජනාධිපතිවරණයේදී එය අහෝසි කිරීමේ අරමුණින් විපක්ෂය පොදු අපේක්ෂකයකු තෝරා ගත යුතු බවද ඔහු සංදේශය කළ විමසීමකට ප්‍රතිචාරය පළ කරමින් සඳහන් කළේය.
Comments
Post a Comment