gossiplankanews- නියඟය නිසා ගම හැර යන මොරවැව වැසියෝ

මාස ගණනාවක් මුළුල්ලේ තමන් පෙලන නියඟය හේතුවෙන් සිය එදිනෙදා පානීය ජල අවශ්‍යතාවය හෝ සපුරාගත නොහැකි තත්වයකට පත්ව සිටින බව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රාදේශීය කොට්ඨාශයේ නැවත පදිංචි කළ ජනතාව පවසති.

මේ තත්වය යටතේ බොහෝ මොරවැව ගම්වාසීන් සිය ගමරට අත්හැර යමින් සිටින බවයි, ගමේ සංචාරයක යෙදුන මාධ්‍යවේදී ආර්ජී ධර්මදාසට දැකගන්නට ලැබුණේ.ගතව ගිය වසරේ යල සහ මාස් කන්න දෙකේදීම තම ගොවිතැන් කටයුතු නිසියාකාරව කරගත නොහැකි වූ කෘෂිකර්මාන්තයෙන් යැපෙන ගම්වාසීහු මේ හේතුවෙන් දැඩි ආහාර හිඟයකටද මුහුණ පා සිටිති.
නාමල්වත්ත ගමේත් නැවත පදිංචි කළ සිංහල හා මුස්ලිම් පවුල් හාරසියයකින් දැන් ඉතිරිව සිටින්නේ පවුල් අනූවක් පමණයි.

ජීවනෝපාය අහිමියි

"මිනිස්සුන්ට හරි අදායම් මාර්ගයක් නැහැ. මාසයකටම හදන්නේ බයිසිකලයක් දෙකක් විතරයි"
මොරවැව ගමේ වැසියෙක්
ට්‍රැක් හය කොටසේ දෙසිය පනහක් පමණ වූ පවුල් අතරින් හරි අඩකටත් වඩා කොටසක් මේ වනවිටත් ගම හැරදා ගොස් තිබෙන බව ගම්වාසීහු පවසති. පවුල් දෙසිය පනහක් පමණ ජීවත් වූ බී අට ප්‍රදේශයේ මේ වනවිට වාසය කරන්නේ පවුල් හැත්තෑ පහක් පමණයි.
ගම්වාසීන් ගම හැරයාම හේතුවෙන් ගම්වල ඉතිරිව සිටින පිරිසටද ජීවනෝපාය අහිමි වී තිබේ.
''බයිසිකල් හදන්න නැහැ දැන් සෙනඟ නැති නිසා. බයිසිකල් තියෙනවා නමුත් මිනිස්සු ළඟ සල්ලි නැහැ ඒවා හදන්න," යනුවෙනුයි බයිසිකල් අලුත්වැඩියා කරන්නෙක් ආර්ජී ධර්මදාස සමඟ කියා සිටියේ.
"මිනිස්සුන්ට හරි අදායම් මාර්ගයක් නැහැ. මාසයකටම හදන්නේ බයිසිකලයක් දෙකක් විතරයි.''

'හැමදාමත් අවුරුදු'

ප්‍රදේශයේ පදිංචිකාරියක වන වසන්තා කමලා පවසන්නේ මෙවර අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් පැළඳුම් ගැනීම කෙසේ වෙතත් තමා හා තම සැමියාට එදා වේලවත් සරිකර ගත නොහැකි තත්වයක් පවතින බැවින් වෙනත් ගමක වෙසෙන තම මවගේ නිවසට කෙටිකලකට හෝ වාසයට යන බවයි.
මේ වන විට ගම්වැසියන් සිය පානීය ජල අවශ්‍යතාවය සපුරා ගන්නේ මොරවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් දින දෙකකට ඉහත ගමේ ස්ථාන කිහිපයක තැබූ ජල ටැන්කි වලිනුයි. ඒවාට ජලය සැපයෙන්නේ බවුසර හරහායි.

නියඟයට තාවකාලික විසඳුම් දෙනු වෙනුවට කන්තලේ වැව හරහා මොරවැව මහවැවට මහවැලි ජලය සැපයීමට ක්‍රියාකරන්නේ නම් ගැමියන්ට හැමදාමත් අවුරුදු බවයි යාය හය ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ධර්මසිරි රත්නායක බීබීසී සංදේශයට කියා සිටියේ.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia