gossiplankanews- මත්තල ගුවන් තොටුපොලින් ජාවාරමක්

maththalaaදේශීය සත්ත්ව හා ශාක කොටස් ඇතුළු ජෛව සම්පත් රට පැටවීමේ මහා පරිමාණ ජාවාරමක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා ක‍්‍රියාත්මක වන බැවින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ රේගු ජෛව විවිධත්ව ඒකකයක් වහාම ස්ථාපිත කරන ලෙස පරිසර සංවිධාන වගකිවයුත්තන්ගෙන් ඉල්ලයි.
මෙම ජාවාරම් කටයුත්ත සඳහා සත්ත්ව කොට්ඨාස සහ ශාක කොටස් ලබා ගන්නේ අනුරාධපුර,



පොළොන්නරුව, බූන්දල, යාල සහ ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානවලින් බවද ඔවුන් පෙන්වා දෙයි.
මෙසේ විදේශගත කරන සත්ත්ව කොට්ඨාස අතර කිඹුල් හූනන්, තාරකා ඉබ්බන්, කිරි ඉබ්බන් සහ කටුස්සන් සිටින බවට වාර්තා වන අතර ශාක අතර කදුරු, කළුවර, වල්ලපට්ට ශාක කොටස්ද ඇතුළත්ය.
මෙවැනි නීති විරෝධී කටයුතු කිරීමට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළින් හැකියාව ලැබී තිබෙන්නේ ගුවන් තොටුපළ තුළ රේගු ජෛව විවිධත්ව ඒකකයක් ස්ථාපිත කර නොමැති වීම නිසා බවටද වාර්තා වේ.

gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’