gossiplankanews- ශ්‍රී නිවාසන් තරඟ පාවාදීමේ ලැයිස්තුවේ?

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියෙන් පසුගියදා ඉවත් කෙරුණ එන්.ශ්‍රී නිවාසන් එම පදවියෙහි ඔහු යළි පිහිටුවන මෙන් ඉල්ලා සිටිමින් ඉදිරිපත් කර තිබුණ ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බැහැර කරනු ලැබුණි.
පදවියෙන් ඉවත් කරනු ලැබ සිටින හිටපු සභාපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, විනිසුරු මුඩ්ගල් කමිටුව විසින් ඉදිරිපත් කර තිබුණ සීල් තැබූ ලියුම් කවරයක අන්තර්ගත තොරතුරු හෙළිදරව් කරමින්, ක්‍රිකට් ක්‍රීඩා තරඟ මුදලට පාවා දුන් පුද්ගල ලැයිස්තුවේ ශ්‍රී නිවාසන්ගේ නමත් ඇතුළත් වෙන බව අනාවරණය කොට ඇත.

එම රහස්‍ය තොරතුරු පළමු වරට ප්‍රකාශයට පත් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.කේ.පට්නෙක් කියා සිටියේ, ශ්‍රී නිවාසන්ට එරෙහිව චෝදනා දොළහක් ඇති බවයි.එන්. ශ්‍රී නිවාසන් චුදිත ලැයිස්තුවේ දහතුන් වැනි ස්ථානයේ සිටින බවයි අනාවරණය කෙරුණේ.

රහස්‍ය ලියුමේ තොරතුරු

අයි.පී.එල්.තරඟ පාවාදීමට එරෙහි ක්‍රිකට්ලෝලීන්.
ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත කී රහස්‍ය ලියුම් කවරය තුළ වූ තොරතුරු අනාවරණය කළේ, නීතිවේදී සී.ඒ.සුන්දරම් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ප්‍රතිචාරය පළ කරමින් තර්ක කරමින් සිටියදී.
නීතිවේදියා කියා සිටියේ, අධිකරණය මතුපිටින් පෙනෙන දේ මිස වැඩිදුරටත් අවධානය යොමු කළ යුතුව තිබුණ ද්විතීයික සාක්‍ෂි සම්බන්ධයෙන් සැලකිල්ලක් නො දක්වා ඇති බවයි.
අයි.පී.එල් ක්‍රිකට් තරඟ මුදලට පාවා දෙනු ලැබීමට අදාළව දැනට ප්‍රකාශිත තොරතුරු අනුව එන්.ශ්‍රී නිවාසන් ඇතුළු දහතුන් දෙනකුගේ නම් ඊට ඇතුළත් වෙන අතර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් කීප දෙනකුත් ඔවුන් අතර වෙති.
ඉන්දීය ප්‍රීමියර් ලීග්(IPL) තරඟාවලියේ දී මුදලට තරඟ පාවා දීම් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් විභාගයක් සිදු කෙරෙමින් පවතින අතරවාරයේ,ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියෙන් තමා ඉවත් කරනු ලැබීමේ අතුරු තහනම් නියෝගය යළි සලකා බලන මෙන් ඉල්ලා සිටිමින් ශ්‍රී නිවාසන් දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණ අතර, අධිකරණය අවධාරණයෙන් කියා සිටියේ ශ්‍රී නිවාසන් ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ කිසිදු වගකීමක් දරද්දී සාධාරණ විභාගයක් පැවැත්විය නොහැකි බවයි.

අදාළ නඩු විභාගය අප්‍රියෙල් විසි දෙවැනි දිනට කල් තබනු ලැබිණ.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia