gossiplankanews- සයිප්‍රස්, සිංගප්පූරුව, ඊශ්‍රායලය, මැලේසියාවේ රැකියා කල අයට යුරෝපීය රටවල රැකියා වරම්
හොංකොං, සයිප්‍රස්, සිංගප්පූරුව, ඊශ්‍රායලය, මැලේසියාව යන රටවල ගෘහස්ථ සාත්තු සේවිකා රැකියා පළපුරුද්ද සහිත කාන්තාවන්ට හා ශ්‍රී ලංකාවේ සාත්තු සේවා පුහුණුව සහිත කාන්නාවන්ට මේ රැකියා අවස්ථා ලැබී තිබෙන බව ද ඒ සඳහා කඩිනමින් ශ්‍රමිකයන් යොමුකරන බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා ප්‍රකාශ කරයි.
වැඩිහිටියන් බලාගැනීමේ හෝ විදේශ රටක ගෘහ සේවයේ පලපුරුද්ද හිමි කාන්තාවන් සඳහා මෙහි දි ප්‍රමුඛතාවයක් ලබාදීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. වයස අවුරුදු 25ත් 45ත් අතර කාන්තාවන් සඳහා මේ රැකියා ඇබෑර්තුවලට ඉල්ලුම් කළහැකි අතර ඒ සඳහා කඩිනමින් ඉල්ලුම් කරන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීමක් කරයි.
ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉංග්‍රීසි ඇතුළුව විෂයන් 6ක් සමත්ව තිබීම සහ කෙටි කලකින් විදේශ භාෂාවක් ඉගෙන ගැනීමේ හැකියාව සුදුසුකම් බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 0773 148927, 0773 983536 සහ 0775 489506 යන දුරකථන අංකවලට ඇමතීමෙන් ලබාගත හැක. සති තුනක නේවාසික පුහුණුවකින් පසුව භාෂා විභාගය සමත්වන කාන්තාවන්ට කිසිඳු අය කිරීමකින් තොරව විදේශ රැකියා සඳහා යොමුකිරීමට බලාපොරොත්තු වෙයි.
gossiplanka
Comments
Post a Comment