gossiplankanews- අලුත් අවූරුදු සමග පුර පසළොස්වක.. සුභද ? අසුභද ? ජෝතිශ්‍යවේදීන් කියන කතා
මෙවර අලුත් අවූරුදු උදාවත් සමග පුර පසළොස්වක පොහොය උදාවීම රටට සිදුවන බලපෑම සම්බන්ධව ප්‍රවීන ජෝතිශ්‍යවේදීන් කිහිප දෙනෙකු දැක්වූ අදහස් පහත වේ.
ආධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර
ඒ කෙසේ වෙතත් අවසානයේදී කිවයුතුව ඇත්තේ අසුබ සිදුවීම්, යෝග රැසක් සමඟ උදාවන 2014 අලූත් අවුරුදු දිනටම පොහොය දිනයද යෙදී තිබීමෙන් සිදුවිය හැකි අසුබ තත්ත්වයන්ට තවත් අත්උදව් සැපයූ පිහිටීමක් ලෙසටය.
ජනාධිපති ජ්‍යොතිෂ උපදේශක දේශබන්දු සුමනදාස අබේගුණවර්ධන
අපි වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවයට නැකැත් යෙදී තිඛෙන්නේ අප්‍රේල් මාස 14 වැනිදා පෙරවරු 11.05ට සිකුරු හෝරාවේ සිකුරුගේම පංචම කාල හෝරාවේ සිකුරුගේම සූක්‍ෂ්ම කාල හෝරාවෙන් තමයි.
වැඩ අල්ලා ගනුදෙනුකර පැය 2කුත් විනාඩි 6ක් යන විට හරියටම බක්මහ පුර පසළොස්වක පොහොය ලබනවා. මේ වගේ දේවල් ඈත අතීතයේත් සිදුවී තිඛෙනවා. 1919 වසරේ අප්‍රේල් මාසේ 13 වැනිදා තමයි අවුරුද්ද තිබිලා තියෙන්නේ. ඒ වර්ෂයේත් ගනුදෙනු කර ස්වල්ප වේලාවකින් බක්මහ පුර පොහොය ලබලා තියෙනවා.
1937.04.13 වැනිදාත් ඒ වගේම අවුරුද්ද ලබා හෝරා කිහිපයකින් පොහොය ලබලා තියෙනවා.1957 අප්‍රේල් මාසේ 13දා වැනිදාත් අර වගේම සිදුවීමක් වෙලා තියෙනවා. 1979 අප්‍රේල් මාසේ 13 වැනිදාත් ඒ ආකාරයෙන්ම අවුරුද්ද ලබන විට පුර පොහොය ලබලා තියෙනවා. ආසන්නම දිනය හැටියට ගත්තොත් 1995 අප්‍රේල් මාසයේ 14 වැනිදාත් අවුරුද්ද ලැබූ විගස පොහොය ලබලා තියෙනවා. මෙයින් ලොකු පණිවිඩයක් ශ්‍රී ලංකාවාසී ජනතාවට ලබාදෙනවා.
ඒ පණිවිඩය තමයි ආගමානුකූලව කටයුතු කරන්න අවුරුද්ද ලබලා පැය විසි හතරක් ගතවෙන තුරු කියන එක. මේක ඉතාම සුබ කටයුත්තක් අතීතයට ගිහින් බැලූවහම ඒ පොහොය සමඟ අවුරුද්ද ලැබූ වසරවල කිසිදු අසුබ දෙයක් වෙලාම නැහැ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සරත්චන්ද්‍ර බෝතලාගේ
රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්තවීමත් සමඟ මෙවර අවුරුදු උදාව තුළ වෙනදාට වඩා විශේෂත්වයක් දැකිය හැකිය. සඳුට හිමි හත නැකැත උදාව තිබියදී ව්‍යාඝාත යෝගයෙන් රාහු කාලයේදී ආරම්භ වන අවුරුද්ද තුළ දවල් 1.11ට පුර පසළොස්වක තිථීය ලබයි. අවුරුදු දවසක් තුළ පසළොස්වක පෝය දිනයක් උදාවීම කලාතුරකින් සිදුවන දුර්ලභ අවස්ථාවක් හැටියට සඳහන් කළ හැකිය.
මෙවර අලූත් අවුරුදු උදාවේ තත්කාලය බලවත් වීම මත රටේ සංවර්ධනය තව තවත් ඉදිරියට ගමන් කරන බව කිව හැකිය. නමුත් මෙදිනම පෝය දිනයක් පැවැතීමත් ජලයට අධිපති සඳු ග්‍රහයා තත්කාල ග්‍රහචාරයේ අපොලික්ම ස්ථාන ගතවීම අසුබ යෝගයක් හා රාහු කාලය තුළ අවුරුදු උදාව සිදුවීම මේ සමඟින් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවීම දරුණු ස්වාභාවික විපතක් ඇතිවන බව පිළිබිඹු වන ඉඟියකි. මෙම අහිතකර පිහිටීම් මත දරුණු ගංවතුර තත්ත්වයක් හෝ හදිසි සුනාමි තත්ත්වයක් ඇති වීමට ඉඩ කඩ පවතින බව කිව හැකිය.
යම් අයකුට මෙදින සර්පයකු දෂ්ට කළ විට විෂ නොබසින තත්ත්ව ඇති විය හැකිය. ශරීරයේ කැපීම් තුවාල වීම් ඇති වුවහොත් සුව කිරීමට අපහසුවන අතර ඔල්මාද ගති ඇති අයගේ ශරීරයේ වා – පිත් සෙම් කෝප වී රෝගී තත්ත්වය උත්සන්න වීමට පුළුවන. මෙවැනි දිනයක් තුළදී මිනිසාට ඇති කරන අහිතකර ප්‍රතිඵලවලින් මිදීමට ඈත අතීතයේ පටන්ම බෞද්ධ ජනතාව සියලූ රැකී රක්ෂා කටයුතුවලින් බැහැරව බණ භාවනාවල යෙදෙමින් කටයුතු කිරීමට හුරු පුරුදුව සිටියහ. අතීතයේදී මෙන්ම මෑත කාලයේදීද මහ සයුර ගොඩබිම ගැලීමෙන් විපත් තත්ත්ව ඇති වූයේ පෝය දිනයක් තුළදී බව කිව හැකිය. මෙවර අවුරුදු උදාවේදී සිදුවෙන දුර්ලභ සිදුවීම් තුළින් සියලූ ජනතාවට විශ්වය තුළින් විශේෂ පණිවිඩයක් කියාපායි.

Comments
Post a Comment