gossiplankanews- ජනපතිගේ ගිරව් තිදෙනෙක් යළි මන්දිරයට

ඉන් එක් ගිරවෙකු තවමත් අතුරුදහන්
කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ දැඩි ආරක්ෂාව යටතේ ඇති කරමින් සිටිය දී ඉගිල ගිය මැකෝ ගිරවුන් හතර දෙනාගෙන් තිදෙනෙකු යළි සොයා ගෙන තිබේ.
ජනතාව ලබා දුන් හෝඩුවාවන් ආධාරයෙන් කොළඹ ප්‍රදේශයේදීම ගසක වසා සිටියදී මෙම ගිරව් තුන් දෙනා සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් එක් ගිරවෙකු තවමත් අතුරුදහන්.මැකෝ ගිරවුන් හතර දෙනා ජනාධිපති මන්දිරයේ කූඩුවෙන් මිදී පියඹා ගොස් තිබුණේ පසුගිය අඟහරුවාදා යි.

මෙලෙස අතුරුදහන් වූ මැකෝ ගිරවුන් තුන් දෙනෙකුගේ ජයාරූප ජනාධිපති කාර්යාලය අද ප්‍රසිද්ධ කල අතර ඔවුන් පිළිබඳව හෝඩුවාවක් ඇති නම් ලබා දෙන ලෙස දුරකථන අංකයක්ද ලබා දී තිබිණ.
මැකෝ ගිරවුන් ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු ජාතියක් නොවන අතර ඔවුන් බොහෝදුරට දකුණු ඇමෙරිකානු රටවලින් ආනයනය කරනු ලැබේ.

මැකෝ ගිරවෙකු රුපියල් ලක්ෂයකට වැඩි මුදලකට විකිණෙන බවයි වාර්තා වන්නේ.
gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති