gossiplankanews- අතුරුදන් යානය අවසන් මොහොතේ ජෙට් යානයක් වගේ වේගෙන් හසුරවලා

malaysian-pilotඅතුරුදන් මැලේසියානු ගුවන් යානය රේඩාර්වලට හසු වීම වැළැක්වීම සඳහා ප්‍රහාරක ජෙට් යානාවක් සේ වේ‍ගයෙන් හසුරුවා ඇති බවට මැලේසියා‍නු යුද විමර්ශකයින් විශ්වාසය පළ කර ඇත.
එම විමර්ශකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  බලධාරීන් සමග සබඳතා ඇණහිටි වහා ම යානය එලෙස හසුරුවා ඇති බව ය. රේඩාර්වලට හසු වීම වැළැක්වීම සඳහා යානය ඉතා වේගයෙන් පහළට පියාසර කරවා ඇති බව එහි වැඩි දුරට ත් සඳහන් ය. මෙම නවතම මතය ඉදිරිපත් වී ඇත්තේ, යානයේ කළු පෙට්ටියේ බැටරිය කල් ඉකුත් වී ඇති බවට සෝදිසි මෙහෙයුම්වල නිරත කණ්ඩායම් සැක පළ කරන අතර තුරදී ය.
යානයේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විවිධ මත පළ වුවද මැලේසියානු බලධාරීන් පවසන්නේ, එය ඉන්දියන් සාඟරයට කඩා වැටී ඇති බව ය. ඒ අනුව මේ වන විට යානය සොයා දක්ෂිණ ඉන්දිය සාගරයේ දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ. යානය සොයා මෙහෙයුම්වල නිරත නෞකා විසින් සිව් වතාවක් ගුවන් යානයක කළු පෙට්ටියකින් නිකුත් විය හැකි බවට විශ්වාස කරන සංඥා ග්‍රහණය කර ගනු ලැබිණි. එහෙත් අවසන් දින පහ තුළදී අදාළ මුහුදු කලාපයෙන් කිසිදු ආකාරයේ සංඥාවක් ග්‍රහණය නොවූ බව මෙහෙයුම්වල නිරත කණ්ඩායම් පවසති.


මේ අතර අතුරුදන් මැලේසියානු ගුවන් යානය රේඩාර් සංඥාවලින් ගලිහී යාමට මෙහොතකට පෙර එහි සහය නියමුවා සිය ජංගම දුරකතන ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කර ඇති බවට පසුගිය දා අනාවරණය කෙරිණ. අදාළ තොරතුර හෙළි වුයේ, අතුරුදන් යානය සම්න්ධයෙන් විමර්ශන සිදුකරන නම හෙළි නොකළ විමර්ශකයින් පිරිසක් විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවක් මගිනි. කෙසේ වෙතත් මැලේසියාවේ වැඩ බලන ප්‍රවාහන අමාත්‍යවරයා අදාළ වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.‍‍
පසුගිය මාර්තු 8 වන දා පුද්ගලයින් 239 දෙනෙකු සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනය බලා පියාසර කරමින් තිබූ මැලේසියානු  ගුවන් යානයට සිදු වූයේ කුමක් ද? තව ම ත් අභිරහසකි.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia