gossiplankanews- කැනඩාව කළේ පහත් ක්‍රියාවක් -කෙහෙළිය

‘කැනඩාවේ කීර්ති නාමය ගැනයි ප්‍රශ්නයක් තියෙන්නේ.'
පොදු රාජ්‍ය මණ්ඩලයට ලබා දෙන මූල්‍ය ප්‍රදානයන් අත්හිටුවීමට කැනඩාව ගෙන ඇති තීරණය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගත් කළ ඉතාමත් අසාධාරණ සහ පවතින සම්ප්‍රදායන් තුළ පහත් මට්ටමේ ක්‍රියාවක් බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මෙය දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද ලබා ගැනීමේ අරමුණින් ආත්මාර්ථකාමී ලෙස ලෝක සම්මතයන් වෙනස් කිරීමට දරන උත්සාහයක් ලෙසටයි රඹුක්වැල්ල අමාත්‍යවරයා හඳුන්වන්නේ.

මානව හිමිකම්
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයට ලබා දීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 20ක මුදලක් අත්හිටුවා ඇති බවයි වාර්තා වෙන්නේ.
2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවේ සත්කාරක රට මෙන්ම වත්මන් සභාපතිත්වය දරන ශ්‍රී ලංකාව වෙත, මානව හිමිකම්, දේශපාලන සංහිඳියාව ඇති කිරීම සහ වගවීම් වෙනුවෙන් අර්ථවත් ක්‍රියාමාර්ග ගැනීමට වගකීමක් ඇති බව කැනඩාවේ විදේශ ඇමති ජෝන් බර්ඩ් ප්‍රකාශ කර තිබුණි.

එක්සත් ජාතීන් ගෙන ආ යෝජනාව සම්මත වී එහි උණුසුම යන්නත් කලින් කැනඩාව පොදු රාජ්‍ය මණ්ඩලය හරහා ශ්‍රී ලංකාවට බලපෑම් කර තිබීම ජාත්‍යන්තර වශයෙන් ගත් කල ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට හානියක් නොවේද යන්න කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගෙන් සංදේශය විමසා සිටියේය.
‘කැනඩාවේ කීර්ති නාමය ගැනයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඔවුන් සතුව තිබු වංචනික ලෙස සඟවා ගෙන සිටි න්‍යාය පත්‍රයක එක කොටසක් අහඹු ලෙස එළිදැක්වීමක්. තමන්ගේ ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීම සඳහා වෙනත් දේ එළියට දමමින් කටයුතු කරනවා.’ රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසීය.

පසුගිය වසරේ කොළඹ දී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී නොවීමට ද කැනඩාව පියවර ගෙන තිබිණ.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia