gossiplankanews- පීඩිත කුලයේ ළමුන්ට පන්ති කාමරයේ පසු පෙළ අසුන්

දිගින් දිගටම නො සලකා හැරිම' (file photo)
ඉන්දියාවේ සමාජයෙන් කොන් වූ ජන කොටස්වල දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ප්‍රතික්‍ෂේප කරමින් දිගින් දිගටම ඔවුන් නො සලකා හරිමින් කටයුතු කරණ බව හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය පාසල් බලධාරීන්ට චෝදනා කරයි.
ගෝත්‍රික, මුස්ලිම් සහ පාරම්පරික හින්දු කුල පද්ධතියේ අඩු කුලයට අයත් බවට සැලකෙන 'දලිත්' පවුල්වල ළමුන්ට පන්ති කාමරයේ පිටුපස පේළිවල හෝ වෙනම කාමරවල ඉඳ ගැනීමට නියෝග කෙරෙන බවයි එම සංවිධානයේ වාර්තාව සඳහන් කරන්නේ.
ළමුන්ට නින්දා කිරීමේ අරමුණින් අපහාසාත්මක නම්වලින් ආමන්ත්‍රණය කෙරෙන බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙයි.

පහසුවෙන් පීඩාවට ලක්වන සුළු ළමුන්ට සලකන ආකාරය පිළිබඳව නිරීක්ෂණ කිරීමට නිසි ක්‍රියා මාර්ග ගන්නා ලෙස ද මානව හිමිකම් සංවිධානය ඉන්දීය ආණ්ඩුවට බල කර කියා සිටියි.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය මේ වාර්තාව නිකුත් කර ඇත්තේ ඉන්දියාවේ දලිත් ජනතාව, ගෝත්‍රික ප්‍රජා සහ මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන ප්‍රාන්ත හතරක කරන ලද සමීක්‍ෂණයකයින් අනතුරුවයි.
gossiplankanews- 

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia