gossiplankanews- තිනකුරල් මාධ්‍යවේදියාට ප්‍රහාරයක්

තිනකුරල් පුවත්පතේ යාපනය වඩමරච්චි ප්‍රාදේශීය වාර්තාකරු සිවඥානම් සෙල්වදීපන් නැමැත්තාට සඳුදා රාත්‍රී යාපනයේ නෙල්ලිඅඩි පළාතේදී කිසියම් පිරිසක් විසින් යකඩ පොලු වලින් පහරදීම නිසා බරපතළ තුවාල ලබා පේදුරුතුඩුව මන්තිහෙයි රජයේ රෝහලට ඇතුළත් කොට තිබේ.

යකඩ පොලු ප්‍රහාරයක්

ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර බි.බි.සී. සන්දේශයට කතා කල ඔහු කියා සිටියේ ඊයේ රාත්‍රියේ අලුත් අවුරුද්දට මව බැලීමට ගොස් ආපසු සිය නිවසට යමින් සිටියදී මේ ප්‍රහාරය එල්ල වූ බවයි.

දිගටම තමන්ට පහර දීම නිසා සිහිසුන් වූ තමන් සයිකලය සමග බිම ඇද වැටී සිටියදී පාරේ ගමන් කරමින් සිටි පිරිසක් එය දැක නෙල්ලිඅඩි පොලීසියට සිද්ධිය දැණුම් දී පොලිස් නිලධාරීන්ගේද සහාය මත තමා රෝහල් ගත කල බවද ඔහු කියා සිටියේය.පහර දීමට පෙර ඔබ අසවල් පුවත්පතේ වාර්තාකරුදැයි ප්‍රහාරයට පැමිණි දෙදෙනා තමන්ගෙන් විමසූ බවත් අනතුරුව යකඩ පොලුවලින් එක දිගටම පහර දෙන්නට වු බවත් සෙල්වදීපන් පැවසුවේය.

සහෝදරයා අතුරුදන්

තමන්ට සතුරන් නැතත් වසර කීපයකට ඉහතදී තමන්ගේ එකම සහෝදරයා යුදහමුදාව විසින් පැහර ගෙන ගොස් අතුරුදන් කරවීම පිළිබදව දිගින් දිගටම කතාකිරීම හේතුවෙන් විවිධ පුද්ගලයින් තමන්ට තර්ජන එල්ල කල බවයි සෙල්වදීපන් පැවසුවේ.
මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ගෙන් විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ වාර්තාකරුට පහරදුන් තැනැත්තා පිලිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි.
විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් මේ සඳහා යොදවා සිටින බවත් ඔහු පැවසුවේය.
ගෝබි නැමති එල්.ටී.ටී.ඊ. සැකකරුට සහාය දීම මත අත් අඩංගුවට ගත් පුද්ගලයින් නිදහස් කිරීමේ තත්ත්වය ගැන අදහස් දැක්වූ පොලිස් ප්‍රකාශකවරයා පොලිස් ත්‍රස්ත මර්දන කොට්ඨාශය මගින් රදවාගෙන සිටි 60 දෙනාගෙන් පිරිමි 15 දෙනෙකු හා කාන්තාවන් 4 දෙනෙකුත් වශයෙන් 19 දෙනෙකු නිදහස් කල බව සඳහන් කළේය.
තවත් 41 දෙනෙකු රඳවාගෙන සිටින බව යි ඔහු පැවසුවේය.
ඍජුවම එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහාය දී ඇති බැවින් ඔවුන් පිලිබදව විමර්ශන කටයුතු තවදුරත් සිදුකල යුතුව ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ තවදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් පොලිස් ත්‍රස්ත මර්දන කොට්ඨාශය මගින් නිදහස් කල එකම පුද්ගලයෙකු හෝ මාධ්‍යවේදීන්ට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කොට සිටියේ ඔවුන් එසේ කිරීමෙන් පසුව තර්ජන එල්ල වීම සහ ආරක්ෂාවක් නොමැති බව පවසමින්.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia