gossiplankanews- ඉදුනොත් ගුණයි ; ඉදෙව්වොත් අගුණයි

පලතුරු ඉදවිම සඳහා එක් කරන රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයෙහි පළතුරු අලෙවියේ විශාල අඩුවක් සිදු වී ඇති බව පෙනී යයි.
බීබීසී සංදේශය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කීපයක සංචාරය කළ ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්නට පාරිභෝගිකයන් මෙන් ම වෙළෙන්දන් ද කියා සිටියේ, ජනතාව ගමේ ගොඩේ ඇවිද කෙසෙල් කැන් සොයා ගැනීමට යොමු වූ බවයි.

මාදම්පේ නගරයේ මොහොමඩ් තස්මීර් කියා සිටියේ, ‘තමන්ට විකිණීම සඳහා රැගෙන ඒමට සිදු ව ඇත්තේ රසායනික ද්‍රව්‍ය මුසු පලතුරු’ බවයි.‘තමන් ලඟ ඇති පලතුරු ඉදවීම සඳහා රසායනික ද්‍රව්‍ය මුසු කර ඇති බව’ සමහර වෙළෙන්දෝ බීබීසී මාධ්‍යවේදියාට කියා සිටියහ.
‘අකමැත්තෙන් වුවද’ එලෙස කිරීමට සිදුව ඇත්තේ වෙළදපොලේ ඇති පලතුරු සියල්ලටම මෙන් රසායනික ද්‍රව්‍ය එකතු කර තිබිම නිසා බවයි, මොහොමඩ් තස්මීර් පවසන්නේ.

වර්තමානයේ පමණක් නොව අතීතයේ ද පලතුරු ඉදවිම සඳහා විවිධ ක්‍රම භාවිතා කළ බව නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරී අශෝක කරුණාරත්න පෙන්වා දෙයි.

හඳුනා ගැනීම

‘වර්තමානයේ භාවිතා කරන ක්‍රම අතර රසායනික ද්‍රව්‍ය එකතු කිරීම ඉහල යාම තුලින් පලතුරු ආහාරයට ගැනීමේ අඩුවක් පෙන්නුම් කරන බවත් අශෝක කරුණාරත්න පිළි ගනියි.
‘රසායනික ද්‍රව්‍ය මුසු කළ පලතුරු ආහාරයට නො ගන්නා ලෙසත්, රසායනික ද්‍රව්‍ය මුසු පලතුරු හඳුනා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරි අශෝක කරුණාරත්න වැඩි දුරටත් පවසයි.
අදියර තුනක දී පලතුරු වලට රසායනික ද්‍රව්‍ය එක් කරන බව පෙන්වා දුන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පර්යේෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දුන්නේ, භයානක ම තත්වය නො පැසුණු පලතුරු ඉදවීම සඳහා ඒවා එක් කරනු ලැබීම වන බවයි.

‘රසායනික ද්‍රව්‍ය එකතු කරන ලද පලතුරු හඳුනා ගැනීම සඳහා මහජන සෞඛ්‍යය පර්යේෂකවරුන්ට හැකියාවක් ඇති බව’ පෙන්වා දුන් උපුල් රෝහණ ආහාර පනතේ සංශෝධනයක අශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia