gossiplankanews- මුස්ලිම් වෙළෙඳ සැලක් ගිනිබත් කෙරෙයි

අලුත්ගම නගරයේ මුස්ලිම් ව්‍යාපාරිකයකු සතු වෙළෙඳ සැලක් ගිනිබත් කරන ලද බව වෙළඳසැල් හිමියා පවසයි.
වෙළඳසැල් හිමියාගේ සහෝදරයකු විසින් දරුවකු ලිංගික අපහරණයට ලක් කරනු ලැබ ඇති බවට චෝදනා එල්ල වෙමින් පවතින අතරවාරයේයි, ගිනි තැබීම සිදු කර තිබෙන්නේ.
මෙය තමාට එරෙහි කුමන්ත්‍රණයක් බවයි, ගිනිබත් කෙරුණ වෙළෙඳ සැලේ හිමිකරු වන මොහමඩ් නයීම් ඛාන් බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ.

සැලසුම් කළ ප්‍රහාරයක්

වෙළෙඳ සැල තුල සියලු දර්ශන ඇතුළත් වීඩියෝ පටය උසාවියට ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව ළමා අපහරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තම සහෝදරයා ඇප මත මුදා හරින ලද බවත් මොහමඩ් නයීම් ඛාන් සංදේශයට කියා සිටියේය.

"පන්සලේ එකතු වී මට විරුද්ධව දවස් කීපයක්ම කතා කරලා තිබුණා. මට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්නට යන බව මම පොලිසියට දැනුම් දී ආරක්ෂාව ඉල්ලුවා. සිද්ධියක් වුනොත් අවශ්‍ය පියවර ගන්නා බව පොලිසිය ප්‍රකාශ කළා," යයි ඔහු වැඩිදුරටත් කියා සිටියි.
පසුගිය අට වෙනි දින සවස පහට උද්ඝෝෂණය ආරම්භ කිරීමට යන බවට තොරතුරු ලැබුනත් එදින උදේ එය ආරම්භ කෙරුණ බවයි, මුස්ලිම් ව්‍යාපාරිකයා පවසන්නේ.
"භික්‍ෂූන් තුන් නමක් සහ තවත් දෙසිය පනහක, තුන්සීයක පමණ කණ්ඩායමක් පාර දිගේ කෑ ගසමින් ආවා. මගේ කඩේට ගිනි තබන බවටයි ඔවුන් කෑ ගැසුවේ," යනුවෙන්ද ව්‍යාපාරික මොහමඩ් නයීම් ඛාන් පවසයි.

පොලිසියේ ප්‍රතිචාරය

අලුත්ගම මුස්ලිම් වෙළෙඳ සැලට ගිනි තබනු ලැබීම සම්බන්ධයෙන් පොලිස් ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් බීබීසී සංදේශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ, අපරාධය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන බවයි.
වෙළෙඳ සැලේ අයිතිකරු ඔහුට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කෙරෙමින් ඇති බවට තොරතුරු අලුත්ගම පොලිසියට දැනුම් දී තිබියදීත් අවශ්‍ය ආරක්ෂාව නොසැපයීම සම්බන්ධයෙන් බීබීසිය ප්‍රශ්න කළ විට ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයා කියා සිටියේ සාමකාමී උද්ඝෝෂණ නතර කිරීමට පොලිසියට නොහැකි බවයි.
තවදුරටත් අදහස් දැක් වූ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ ගිනි තැබීම සිදු කර ඇත්තේ විරෝධතා ව්‍යාපාරයෙන් පසු රාත්‍රී කාලයේ බවයි කියා සිටියේ.
කෙසේ වුවත් එවැනි අපරාධ කිරීමට කිසිවකුට අයිතියක් නැතැයි කියා සිටි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයා විමර්ශන කටයුතු සිදු කරන බවත් සඳහන් කළේය.

gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia