gossiplankanews- පික්චර් එකක් බලන්න ගිය ශිෂ්‍යාව ට හෝල් එකේ මැනේජර් අන්කල්ගෙන් අතවර

rapeg33ලෝක කම්කරු දිනය සමරන ලද ඉකුත් මැයි පළමු වැනිදා වයස අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යාව ක බලහත්කාරයෙන් දූෂණය කළ සිනමා ශාලාවක කළමනාකරුවකු සහ ඔහුට අනුබල දුන් එම සිනමා ශාලාවේ සහායකවරයා රඹුක්කන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.



ඉකුත් මැයි පළමු වැනිදා අරන්දර ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යාවක තම මිතුරියකගේ ඉල්ලීමකට අනුව චිත්‍රපටයක් නැරඹීම සඳහා මෙම සිනමා ශාලාවට පැමිණ ඇත. මිතුරිය සිය පෙම්වතාද සමග පැමිණ සිටි බැවින් එම පෙම්වතුන් දෙදෙනා බැල්කනියේ අසුන් ගත් අතර තනි වූ පාසල් ශිෂ්‍යාව පහත ශාලාවේ අසුන් ගෙන තිබේ. කාලය ගෙවී යද්දී චිත්‍රපටයේ විවේක කාලය පැමිණි අතර ඇය දෙස විමසිලිමත්ව සිටි කළමනාකරු ඇය සමග මිත්‍ර වී සියලු තොරතුරු අනාවරණය කරගෙන යළි චිත්‍රපටය පෙන්වීම ආරම්භ කරන විට ඇයගේ මිතුරිය ඇයව බැල්කනියට කැඳවන බව පවසා තිබේ. ඒ අනුව ඇය බැල්කනිය වෙත ගමන් කරන විට සිනමා ශාලා සහායක සමග එක්වී ඇය එහි ස්ථානයකට බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කරන ලද බව පාසල් ශිෂ්‍යාව කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා කෑගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.
රඹුක්කන පොලිසියේ ස්ථානාධිපති පො.ප. එම්. ඒ. ඒ. පී. සුමනසේකර මහතාගේ උපදෙස් මත පො.සැ. ජයන්ත, පො.කො. තුෂාර යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
රඹුක්කන – නිහාල් පුෂ්පකුමාර


gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia