gossiplankanews- ෆෙඞ්රිකා ජෑන්ස් අල්ලන්න වරෙන්තුවක්

ෆෙඞ්රිකාසන්ඬේ ලීඩර් හිටපු කර්තෘ ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාට විරුද්ධව පැවති නඩුවක් සම්බන්ධයෙන් යම් යම් දේ සන්ඬේ ලීඩර් පුවත්පතේ පළ කිරීම සම්බන්ධයෙන් ඒ මහතා විසින් අභියාචනාධිකරණයට ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත. මිය ගිය ලසන්ත වික‍්‍රමතුංග මහතා, ලාල් වික‍්‍රමතුංග මහතා හා ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.
ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය නඩුව සඳහා පසු ගිය නඩු වාරයේ දී පෙනී නොසිටි නිසා වරෙන්තු නිකුත් කෙරිණි.
gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’