gossiplankanews- බිරිඳ රට.. සැමියා මෙරට හොරකමේ

robbersදැනට වසර දෙකක පමණ කාලයක සිටම දොම්පේ පොලිස්‌ වසමේ ගෙවල් බිඳීමේ යෙදුන අයෙකු දොම්පේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත (බිරිඳ ).
මේ වන විට මොහු එම පොලිස්‌ වසමේ නිවාස රැසක්‌ බිඳ තිබෙන අතර ඒවායින් සොරකම් කරනු ලැබූ යතුරු පැදියක්‌, වර්ණ රූපවාහිනි යන්ත්‍ර දෙකක්‌, සෙටප් යන්ත්‍රයක්‌, කැමරාවක්‌ හා ගෑස්‌ සිලින්ඩරයක්‌ පොලිසිය මගින් සොයා ගෙන තිබේ. එසේ සොයා ගනු ලැබූ භාණ්‌ඩවල වටිනාකම රුපියල් ලක්‍ෂ පහකට අධික වේ.
හේනේගම, කෑරගල, දෙකටන හා පැල හැල යන ප්‍රදේශවලට උසස්‌ කර ඇතැයි හෙළිවේ.
නිවැසියන් නිවෙස්‌වල නොමැති අවස්‌ථාවන් බලා එහි ජනේල හා ග්‍රිල් කඩා ඒවාට ඇතුළුවී තිබෙන මොහු එක්‌ නිවසක සැඟවී ඉඳ පසුදින උදැසන නිවැසියන් රැකියාවට යැමෙන් පසුව නිවසේ භාණ්‌ඩ සොරාගෙන තිබෙන බවටද ප්‍රකාශ වෙයි.


හැලුම්මහර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන මොහුගේ බිරිඳ විදේශ රැකියාවකට ගොස්‌ සිටින බවද කියයි.
සැකකරු අත්අඩංගුවට ගැනීමට දොම්පේ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එස්‌. ජී. එම්. රණතුංග මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ එක්‌වූහ.
gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

කොණ්ඩයාගේ ගමට යන පාර විනාශ කරයි