gossiplankanews- ද.කොරියානු නෞකා සමාගමේ ප්‍රධානියා අත් අඩංගුවට

දකුණ කොරියානු නීති නිලධාරීන් විසින් ඉකුත් මාසයේ දියබත්වූ දකුණු කොරියානු නෞකාව අයත් සමාගමේ ප්‍රධානියා අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම නෞකාව දියබත් වීමෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු තුන් සියයකට අධික පිරිසක් මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බවටයි සැලකෙන්නේ.


යාත්‍රාවට උවමනාවට වඩා බඩු පැටවීම, එය ක්ෂණයෙන් පෙරලී දිය බත් වීමට බොහෝවිට හේතුවූ ප්‍රධාන හේතුවක් බව පරීක්ෂකයන් විසින් දක්වා තිබේ.දකුණ කොරියානු නීති නිලධාරීන් පවසන ආකාරයට ඝාතන සිදු කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ සමාගමේ ප්‍රධානියා වන කිම් හන්සික්ට (Kim Han-sik) එරෙහිව නඩු පැවරිය හැක.
නෞකාව ටොන් තුන් දහසකට වඩා භාණ්ඩ රැගෙන යමින් තිබූ බවට විශ්වාස කරන බව ඔවුහු ප්‍රකාශ කරති.

මෙය නෞකාවට ගෙනයා හැකි නිල ධාරිතාව මෙන් තුන් ගුණයකින් වැඩි සංඛ්‍යාවක්.

gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’