gossiplankanews- තායිලන්ත හිටපු අගමැතිනිට එරෙහිව නඩු

පදවියෙන් ඉවත් කළ තායිලන්ත අගමැතිනි යින්ලුක් සිනවත් ට එරෙහිව රාජකාරිය පැහැර හැරීමේ චෝදනා යටතේ නඩු පවරා තිබේ.
නඩු පැවරීම සිදුවන්නේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ඇය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට දිනකට පසුවයි.

බලය අයුතු ලෙස පාවිච්චිකිරීමේ වරදට අගමැතිනි යින්ලුක් සිනවත් සහ අමාත්‍ය මණ්ඩලයේ නවදෙනකු බදාදා ඔවුන්ගේ පදවිවලින් ඉවත් කරන ලදී.ජාතික දූෂණ මර්දන කොමිසම ගෙන ආ එම චෝදනා වලට වරදකාරිය වුවහොත් ඇයට වසර පහක් යන තුරු දේශපාලන කටයුතු වලට සහභාගීවීම තහනම් කළ හැක.

උද්ඝෝෂණ

ඔවුන් පදවිවලින් ඉවත් කරන ලද්දේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ වැදගත් අංශවල සහය ඇතිව මාස ගණනක් තුළ පැවති උද්ඝෝෂණවලින් පසුවයි.

මේ අතර රටේ උතුරේ පිහිටි ග්‍රාමීය පළාත්වල රජයේ අධාරකරුවන් සහ බැංකොක් සහ දකුණේ ප්‍රතිවාදී කණ්ඩායම් අතර උණුසුම්කාරී තත්වයක් වර්ධනය වෙමින් තිබියදී දෙපාර්ශවයම මහා විරෝධතා රැළි සංවිධාන කරමින් සිටිති.

gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’