gossiplankanews- කෝච්චියේ ඩ්‍රයිවර් නෝනාව එන්ජින් කාමරේ තියන් ගිහින් මාට්ටු

trainsකොළඹ කොටුවේ සිට පලෙයි දක්වා ධාවනය වෙමින් තිබූ ‘දැයට කිරුළ’ දුම්රිය කෝච්චියේ එන්ජින්  කාමරය තුල රියැදුරා විසින් ඔහුගේ බිරිඳ රැගෙන යමින් සිටිය දී කළ සෝදිසියක දී අනුරාධපුර ප‍්‍රවාහන අධිකාරි වරයා ඇයට රුපියල් 4000 ක දඩයක් නියම කර ඇත.
දුම්රිය එන්ජිම තුළ ගමන් කළ හැක්කේ රියැදුරු හා සහායකට පමණක් වන අතර එහි කාන්තාවන් රැගෙන යාම කිසි සේත්ම නොකළ යුතු බව විනය නීති රීති පවා පනවා තිබේ.


දුම්රිය එන්ජිම තුළ කාන්තාවක ගමන් කරනු දුටු මගීන් පිරිසක් ඒ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත්තේ මෙම දුම්රිය පසුගිය 30 දින පොතුහැර දුම්රිය ස්ථානයේ දී සිදු වූ මාරක රිය අනතුර පිළිබඳවද සිහි කරමිනි.
එම තොතුරු මත දුම්රිය නිළධාරීන් මෙම දුම්රිය පොතුහැර දී පරීක්ෂාවට ලක් කිරීමේ දී ඒ තුළ දුම්රිය රියැදුරාගේ බිරිඳ ගමන් කරන අයුරු දැක ඡයාරූපද ගෙන තිබේ.


gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’