gossiplankanews- “එකම පීල්ලේ” ගිහින් අලුත්ගම දී ආයිත් හප්පා ගෙන
මෙම අනතුර ඊයේ (7 දා) අලුයම එකට පමණ සිදුව තිබේ. ගාල්ල සිට පැමිණි හිස් තෙල් ටැංකි සහිත දුම්රිය ඊයේ (7 දා) අලුයම 3.50 ට අලුත්ගම සිට කොළඹ බලා ධාවනය කිරීම සඳහා නතර කර තිබූ 304 දරණ බලවේග දුම්රියෙහි පසුපස ගැටී ඇත.
දුම්රිය ස්‌ථානයේ දුම්රිය නතර කර තිබෙන බැවින් වේගය අඩාල කොට ධාවනය කළ යුතු බව හැඟවෙන සංඥ ඒ වන විට ලබාදී තිබියදීත් එය නොතකා තෙල් ටැංකි දුම්රිය පැමිණි වේගයෙන්ම ධාවනය කර ඇතැයි දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙක් කීය.
අනතුර හේතුවෙන් තෙල් ටැංකි දුම්රියේ රියෑදුරු කේ. එච්. මුණසිංහ මහතා පමණක් සුළු තුවාල ලබා සීනවත්ත රෝහලෙන් බාහිර ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත. මෙහිදී දුම්රිය මාර්ගයටද හානි සිදුව ඇත.
කෙසේ වෙතත් අනතුර සිදුවන විට අලුත්ගම දුම්රිය ස්‌ථානයේ සේවය කරමින් සිටි සංඥකරු අනතුරින් පසු අතුරුදන්ව ඇත.
අනතුර හේතුවෙන් දුම්රිය දෙකටම හානි සිදුව ඇත. ඊයේ (7 දා) අලුයම කොළඹ සිට පැමිණි ආපදා දුම්රියක් අනතුරට පත් දුම්රිය නැවත පිළිගත කොට ගමනාගමනයට ඉඩ ලබාදී ඇත. හිස් තෙල් ටැංකි සහිත දුම්රියද ඉඳුරුව දුම්රිය ස්‌ථානය වෙත ගෙන ගොස් තිබේ.
අනතුර පිළිබඳව සොයා බැලීමට ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ද නියෝජ්‍ය ඇමැති රෝහණ කුමාර දිසානායක මහතාද, දුම්රිය බලධාරීන්ද එම ස්‌ථානයට ගොස් ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව පරීක්‍ෂණයක් ද පැවැත්වීමට නියමිතය.
gossiplanka
Comments
Post a Comment