gossiplankanews- “තොපිත් මිනිස්සුන්ට ගහන්නේ මෙහෙම එල්ලලා නේද ?” – පොලිස් නිලධාරියාගේ ඝාතකයෝ

DD-P-04-28-12-UKGකුරුණෑගල නගරයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු පැහැරගෙන ගොස්‌ කෲර වදහිංසා පමුණුවා එක්‌ නිලධාරියකු වෙඩි තබා ඝාතනය කර ඇත්තේ සමස්‌ත පොලිස්‌ දෙපාර්තමේන්තුව කෙරෙහි දැඩි වෛරයකින් පසුවූ සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් බවට තොරතුරු අනාවරණය වී ඇත.පොලිස්‌ දෙපාර්තමේන්තුවෙන් පළිගැනීමේ ෙච්තනාවෙන් මොවුන් මෙම ඝාතනය සිදු කර ඇති බවට සැකකළ හැකි සාක්‍ෂි මේ වනවිට ලැබී ඇති බවද පොලිසිය පවසයි.
පොලිස්‌ නිලධාරීන් දෙදෙනා වෑන් රථයට දමා ගත් සන්නද්ධ පුද්ගලයන් එම නිලධාරීන්ට අමානුෂික ලෙස පහරදී ඇත්තේ “තොපිත් අහිංසක මිනිස්‌සුන්ව එල්ලලා ගහනවා නේද?” කියා



අසමිනි.
කුරුණෑගල නගරයේදී පැහැරගත් පොලිස්‌ නිලධාරීන් දෙදෙනා වෑන් රථයට දමාගෙන ඔවුන් නිරුවත් කර තර්ජනය කර ඇති බවද හෙළිවී තිබේ.
මෙම පැහැර ගැනීමේ සිද්ධිය වීමට සුළු මොහොතකට උඩදී පොලිස්‌ නිලධාරීන් දෙදෙනා ගැට්‌ටුවාන හන්දියේ සිදුවූ අඹුසැමි ආරවුලක්‌ විසඳා ඇති බව ද කියති.
නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ මහමඟදී ගැටුමක්‌ ඇති කර ගෙන තිබූ අතර මෙම නිලධාරීන් මැදිහත් වී එම ගැටුම සමථයකට පත් කර ඇත.
එම සිද්ධිය වන අවස්‌ථාවේදීත් සැකකාර සන්නද්ධ පිරිස රැගත් වෑන් රථය ආසන්නයේ නවතා තිබී ඇත.
පොලිස්‌ නිලධාරීන් දෙදෙනා පැහැරගෙන යද්දී සන්නද්ධ පිරිස ඔවුන්ට පහර දෙමින් අඹුසැමි යුවළගේ ගැටුම සමථයකට පත් කිරීමට ඔවුන්ගෙන් කොපමණ මුදලක්‌ ලබා ගත්තේ දැයි කියාත් ප්‍රශ්න කර තිබේ.
තමන් කිසිම අවස්‌ථාවක ඒ ආකාරයට මුදල් නොගන්නා බව පොලිස්‌ නිලධාරීන් පවසා ඇත. සන්නද්ධ පුද්ගලයන්ගෙන් බේරී දිවි ගලවාගත් පොලිස්‌ කොස්‌තාපල් වීරසූරිය මහතාගෙන් ලබාගත් කටඋත්තරයේදී වැදගත් සාක්‍ෂි රැසක්‌ ලැබී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී පරීක්‍ෂණය කරගෙන යන ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේ සන්නද්ධ කණ්‌ඩායම මෙම පොලිස්‌ නිලධාරීන් දෙදෙනා සමඟ මීට පෙර කිසිම ආරවුලක්‌ තිබී නැති බවයි.
“මේ නිලධාරීන් දෙදෙනා සමග ආරවුලක්‌ තිබුණා නම් ඔවුන් මහ මඟ රාජකාරි කරමින් සිටියදී වෙඩි තබා පලා යන්නට ඉඩකඩ තිබුණා.
එහෙත් ඔවුන් එසේ නොකර පොලිස්‌ නිලධාරීන් දෙදෙනා පැහැර ගෙන ගොස්‌ කෲර වධ හිංසා පමුණුවා නිරුවත් කර මේ ආකාරයට ඝාතනය කරනු ලැබුවේ පොලිස්‌ දෙපාර්තමේන්තුවෙන්ම පළිගැනීමේ ෙච්තනාවෙන් විය හැකි බවද හෙතෙම කියා සිටියේය.
පොලිසිය සැක පහළ කරන්නේ මෙම අපරාධය කරන්නට ඇත්තේ අපරාධ සිදු කර මනා පළපුරුද්දක්‌ ඇති පිරිසක්‌ විසින් බවයි.
මේ අතර මෙම සිද්ධියෙන් පසු කුරුණෑගල අවට ප්‍රදේශ කිහිපයක සිදුවූ සුළු සිදුවීම් කීපයක්‌ පිළිබඳව පොලිසිය විශේෂ පරීක්‍ෂණයක්‌ පවත්වාගෙන යයි.
නාරම්මල ඉන්ධන පිරවුම්හලක්‌ කොල්ලකෑම, ගිරිඋල්ල ප්‍රදේශයේ හෝටලයකින් කෑම කා මුදල් නොදී පලා යැම වැනි සිදුවීම් කීපයක්‌ වාර්තා වී තිබිණි. එම සිදුවීම් සියල්ලට වෑන් රථයක පැමිණි සන්නද්ධ පිරිසක්‌ සම්බන්ධ වූ බවට තොරතුරු ලැබී ඇත.
එම සිදුවීම් හා පොලිස්‌ නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය් අතර සම්බන්ධයක්‌ තිබේ දැයි යන්න පිළිබඳව පොලිසිය සොයා බලාගෙන යයි.
පොලිස්‌ නිලධාරීන් පැහැරගත් පුද්ගලයන්ගෙන් දෙදෙනකු මුහුණු ආවරණය කරගෙන සිට ඇති අතර අනෙක්‌ දෙදෙනා මුහුණු ආවරණය කරගෙන සිට නැත.
පෙරේදා අලුයම (06 වැනිදා) කුරුණෑගල නගරයේ රාජකාරි කරමින් සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු මෙම සන්නද්ධ පුද්ගලයන් විසින් පැහැර ගත් අතර පසුව එක්‌ නිලධාරියකුට වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. මෙම සිද්ධිය සම්බන්ධ සැකකරුවන් කිසිවකු ඊයේ (07 දා) වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිස්‌ කණ්‌ඩායම් 7 ක්‌ මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.


gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia