gossiplankanews.com- මාස 18 දරුවා අංශභාග පියාගේ අතින් බිම වැටී මරුට
අංශභාග පියාගේ අතින් බිමට ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. දරුවාගේ මව පියාට දරුවා භාරදී රෙදි සේදීමට ගිය අවස්ථාවේ පියා අතින්දරුවා ඇද වැටී තිබේ. දැරියගේ මරණ පරීක්ෂණය ඉරිදා(11) පැවති අතර එහි දී දැරියගේ මව ද සාක්ෂි ලබා දෙන ලදී. ගාල්ල අධිකරණ වෛද්‍ය නිළධාරී වී.ටී මහානාම මහතා හදිසි මරණ පරීක්ෂණයේ දී තීරණය කළේ දැරිය ආසනයක් මතට වැටීමෙන් දැරියගේ සිරුරේ සිදු වු අභ්‍යන්තර ලේ ගැලීමක් නිසා මරණය සිදු වී ඇති බවයි. ඒ අනුව ගාල්ල හදිසි මරණ පරීක්ෂක යු.කේ. තිලකසේන මහතා විසින් දැරියගේ මරණය හදිසි අනතුරකින් සිදු වු අභ්‍යන්තර ලේ ගැලීමකින් සිදු වු බවට තීරණය කරන ලදී.
gossiplanka
Comments
Post a Comment