gossiplankanews.com-අපේ කොල්ලෙක්ගේ අවංකභාවයට ඕස්ට්‍රේලියානු උසාවියකින් ඩොලර් 81597ක මුදල් ත්‍යාගයක්
එහිදී ඔහුට වැසිකිළියක් තුළ තිබී ඔස්ට්‍රේලියානු ඩොලර් 100,000ක් වටිනා මුදල් නෝට්ටු තොගයක් හමුවී තිබෙනවා. එම මුදල ලැබුණු වහා ඔහු සිය සනීපාරක්ෂක සුපරීක්ෂකවරයාට ත්, පොලීසියට ත් දැනුම් දී තිබෙනවා. එහෙත්, එහි අයිතිකරු සෙවීමට ඔහු සහ ඔස්ට්‍රේලියානු පොලීසිය වසර ගණනක් උත්සහ කළ ද එය සාර්ථක වී නැහැ.
ඒ අනුව, එම මුදල සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, චමිඳු අමරසිංහගේ අවංකභාවයට උපහාරයක් වශයෙන් අදාළ මුදලෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 81,597ක් පිරිනමන ලෙසයි. එම නියෝගය පනවමින් ඔහු ප්‍රකාශ කළේ, මෙවැනි අවංකභාවයකට ප්‍රතිලාභයක් ලැබිය යුතු බව ය.
චමිඳු අමරසිංහ අදාළ මුදල තමන් සතු කර ගැනීමට නොසිතා අයිතිකරුට භාර දීම සඳහා ගත් අවංක උත්සහය අගය කළ යුතු බව එරට පොලීසිය පවසා තිබෙනවා. මේ අතර, චමිඳු අමරසිංහ පවසා ඇත්තේ, තමන් තොරතුරු තාක්ෂණය පිළිබඳව හදාරා එම අංශයෙන් රැකියාවක් කර සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන බවයි.
තමන්ට අධිකරණයෙන් පිරිනැමූ ඔස්ට්‍රේලියානු ඩොලර් 81,597ක මුදල කුමක් සඳහා යොදවන්නේ ද යන්න තමන්ට සිතා ගත නොහැකි බව ද ඔහු පවසනවා. කෙසේ වෙතත්, එම මුදලින් කොටසක් ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් සහ වික්ටෝරියාහි බෞද්ධ විහාරස්ථානයක් සඳහා යෙදවීමට කටයුතු කරන බව ඔහු පැවසුවා.
gossiplanka
Comments
Post a Comment