gossiplankanews.com- පරිස්සමින් ! e-bay හැක් කරලා
බී.බී.සී.ය පෙන්වාදෙන පරිදි e-bay නමැති ඇමෙරිකානු සයිබර් වෙළෙඳ පොළ සමාගමේ වෙබ් අඩවියේ දත්ත ගබඩාව වෙත පසුගිය පෙබරවාරි මස අවසාන කාලයේ සිට මාර්තු මස මුල් කාලය දක්වා පරිගණක වෙත අනවසරයෙන් ඇතුළු වී දත්ත සොරා ගන්නන් හෝ විනාශ කරන්නන් (හැකර්) ඇතුළු වී ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.
එහි වැඩිදුරටත් කියවෙන්නේ මෙම දත්ත ගබඩාව තුළ e-bay මුරපද සහ මූල්‍ය නොවන දත්ත රැසක් පැවති බවයි.
කෙසේ වෙතත් eBay සමාගම පෙන්වාදී ඇත්තේ තම සේවාදායකයන්ගේ ගිණුම්වල කිසිදු ආකාරයක අනවසර ක්‍රියාවක් පිළිබඳ සාක්ෂියක් මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී නොමැති බවයි.
නමුත්, තම e-bay ගිණුම්වල මුරපද මාරු කිරීම මේ අවස්ථාවේ වඩාත් යෝග්‍ය ක්‍රියාව බවත්, එමගින් eBay පරිශීලකයන්ගේ ආරක්ෂාව වඩාත් තහවුරු වන බවත් එම සමාගම අවධාරණය කරයි.
k
ReplyDelete