gossiplankanews.comතායිලන්ත උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස්

රාජ්‍ය ආරක්ෂක පාලක මධ්‍යස්ථානයට ඇතුලු වීමට උද්ඝෝෂකයෝ උත්සාහ කළහ
තායිලන්තයේ ප්‍රධාන විපක්ෂය විසින් බැංකොක් අගනුවර මෙහෙය වූ උද්ඝෝෂණයකට පොලිසිය කඳුළු ගෑස් සහ ජල කාලතුවක්කු ප‍්‍රහාරයක් එල්ල කළේය.
බලහත්කාරයෙන් රාජ්‍ය ආරක්ෂක පාලක මධ්‍යස්ථානයට ඇතුලු වීමට සිය ගණනක් වූ උද්ඝෝෂකයන් උත්සාහ කළ අවස්ථාවේයි, පොලිස් ප්‍රහාරයට ලක් වුනේ.

උද්ඝෝෂකයන් අමතා කතා කළ උද්ඝෝෂණයේ නායක සුතේප් තෞග්සුබන් අවධාරණය කළේ ඔවුන් පොලිසියේ සතුරන් නොවන බවයි.අගමැතිනි යින්ලක් ශිනවත් ඇතුළු කැබිනට් ඇමතිවරුන් නම දෙනකු බලයෙන් පහ කිරීමට අධිකරණය තීන්දු කිරීමෙන් දින දෙකකට පසුව ප‍්‍රධාන විපක්ෂය මෙම උද්ඝෝෂණය දියත් කොට තිබුනේ වැඩ බලන ආණ්ඩුවද ඉවත් කළ යුතු බවට බල කරමින්.

"අපේ එකම සතුරා තක්ෂින් පාලනාධිකාරිය සහ ඔහුගේ පවුලේ අය විතරයි. රූපවාහිනී ආයතන, බය වෙන්න එපා. අපි කාටවත් හානි කරන්නේ නැහැ. අපි ආවේ ඔබ ආරක්ෂා කරන්න," යනුවෙන්ද ඔහු පැවසීය.

හිටපු අගමැතිවරිය සහ කැබිනට් ඇමතිවරුන් පිරිස බලය යුතු ලෙසින් යොදා ගැනීමේ චෝදනාවට වැරදිකරුවන් බව ව්‍යවස්ථාදායක අධිකරණය තීන්දු කළේය.

gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’