gossiplankanews.com- ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් අවි ?
තලතා අතුකෝරල
තම ප්‍රශ්නයට පිළිතුරු සැපයීම ඉන්දියාවේ මහමැතිවරණයෙන් පසුව සිදු කරන බව ආණ්ඩු පක්ෂය පවසන බවයි මන්ත්‍රීවරිය බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී කියා සිටියේ.
“ලංකාව ඉන්දියාව අවි මිලට ගන්නා රටක් හැටියට සඳහන් වී තිබුණා. මට අවශ්‍ය කරන්නේ එම ගනුදෙනුව සිදු කෙරුණ ආකාරය දැන ගැනීමයි. ඒ සඳහා ලද මුදල් තැන්පත් කෙරුණ ගිණුම කුමක්ද, ලද මුදල් ප්‍රමාණය කොපමණද, මෙය රජයන් අතර ඇති වූ ගනුදෙනුවක් ද, සමාගම් අතර ගනුදෙනුවක් ද යන කරුණුයි මට දැන ගැනීමට අවශ්‍ය කරන්නේ” මන්ත්‍රීනි තලතා අතුකෝරල බීබීසියට ප්‍රකාශ කළාය.ඉහත කී කාරණයට අදාළ ප්‍රශ්නය සභාගත කෙරුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී බවත් තලතා අතුකෝරල මන්ත්‍රීවරිය පවසන්නීය.
ගනුදෙනුවේ තොරතුරු
පකිස්තානයෙන් අවි මිල දී ගන්නා අතර ඉන්දියාවට අවි විකිණීම මගින් කලාපීය වශයෙන් ව්‍යාකූල භාවයක් ඇති වන බවයි ඇය පෙන්වා දෙන්නේ.
එපමණක් නොව එය ශ්‍රී ලංකාවේ සාමයට සහ පැවැත්මට ද යහපත් නොවන බව ඇය පවසන්නීය.
එහෙත් තම ප්‍රශ්න වලට ආණ්ඩු පක්ෂයෙන් තමාට තවමත් පිළිතුරු නොදුන් බවයි මන්ත්‍රීවරිය පවසන්නේ.
අදාළ අවි ගනු දෙනු පිළිබඳව මාධ්‍ය වාර්තා මගින් ලද තොරතුරු අනුව කළ විපරම් කිරීමේදී ඉන්දීය ලෝක් සභාවේත් මේ ප්‍රශ්නය ඉදිරිපත් කර තිබුණ බවක් තමාට දැන ගන්නට ලැබුණ බවත් තලතා අතුකෝරල පවසන්නීය.
ශ්‍රී ලංකා ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද ඉහත කී ගනු දෙනු මගින් ගැටළු මතු වෙන බව තලතා අතුකෝරල මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය.
gossiplanka
Comments
Post a Comment