gossiplankanews.com- ගුරුවරිය දන ගැස්වූ මන්ත්‍රීට දඩ
2013 ජුනි මස 14 වන දින සිය දියණියගේ ගවුම දික් කළ බවට චෝදනා කරමින් සුසිලා හේරත් ගුරුවරිය විදුහල් භුමියේ දන ගස්වා බිය වැද්දීමක් කළ බවට හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර චෝදනා ලබා සිටියේය.
ඉන් අනතුරුව සිදුවීම හෙලා දකිමින් රට පුරා විරෝධතා ව්‍යාපාර දියත් කෙරිණ.
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පුත්තලම මහාධිකරණ විනිසුරු කියා සිටියේ විත්තිකරුට බරපතල වැඩ සහිතව වසර දෙකක සිර දඩුවමක් නියම කරන අතර එය වසර හතක කාලයකට අත්හිටුවන බවයි.
එයට අමතරව රුපියල් පනස් දහසක දඩයක් ගෙවීමටද විත්තිකරුට නියෝග කෙරුණි.
තීන්දුව පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් පැමිණිල්ලේ නීතිවේදී ප්‍රියන්ත ගමගේ කියා සිටියේ එය ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ තීරණාත්මක දිනයක් බවයි.
තමන්ට පිරිනැමෙන වන්දි මුදල ලංකා ගුරු සංගමයට ප්‍රදානය කරන බව සුසිලා හේරත් ගුරුතුමිය සංදේශයට කියා සිටියාය.
එම මුදල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ.
gossiplanka
Comments
Post a Comment