gossiplankanews.com- අම්පාර ගොවියෝ ජලය ඉල්ලා මහ පාරේ

ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ ජනතාව බැට කන නියඟය මෙවරත් රුදුරු වෙසක් ගෙන තිබේ.
ගොවිතැනට පමණක් නොව, තිබහට බීමට හෝ ජලය නොමැති වීම දුෂ්කර ගම්මානවල ජනතාවට බලවත් ප්‍රශ්නයක් වී ඇත.

ඉඟිනියාගල ජලාශය ඇතුළු ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම පහත බැස ඇති අතර ගොවීන්ට අවශ්‍ය ජලය ලබා දීමට බලධාරීන් වහාම කටයුතු කළ යුතු බව පවසමින් දිස්ත්‍රික්කය පුරා උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කෙරිණ.නියං ශාපයෙන් පීඩා විඳින ජනතාව අප වාර්තාකරු වසන්ත චන්ද්‍රපාලට පැවසුවේ ඔවුන්ගේ එකම අපේක්ෂාව වර්ෂාව පමණක් බවයි.

වගා පාලු

අම්පාර ගෝනගල ප්‍රදේශයේ කුඹුරු අක්කර 80,000 ක් පමණ පාලු වී ඇති බවයි ගොවීන් පවසන්නේ.
යුද්ධය නිසා වසර තිහක් ගොවිතැන් කිරීමට නොහැකි වීමෙන් පසු වසර තුනක් පමණ කෙටි කාලයක් අලි කරදර මැද ගොවිතැන් කලත් ජලය හිඟ කමින් තම ගොවිතැන් පාලු වී ඇති බව ගෝනගල පෙදෙස් ගොවියෝ ප්‍රකාශ කරති.
කෘෂි කර්මාන්තය මගින් ජීවිකාව ගෙන යන මෙම ජනතාවට ලිං හිඳී යාම හේතුවෙන් බීමට පවා ජලය නොමැතිව අසරණ වී සිටිති.

ආදායම් මාර්ග

මෙම තත්වය නිරාකරණය නොවුවහොත් වසරක් පමණ කාලයක් තම පවුල් වලට ආදායම් මාර්ග අහිමි වන බැවින් රජයේ අවධානය වහාම යොමුවිය යුතු බව ගොවීහු උද්ඝෝෂණ වල නිරත වෙමින් කියා සිටිති.
අන්නමලෙයි ගොවි සංවිධානයේ සභාපති ඒ. ආරුමුගම් පැවසුවේ මේ සම්බන්ධයෙන් පැමිණිලි කලත්, බලධාරීන් පවසා ඇත්තේ බීමට ජලය ලබාදීමට හැකි නමුත් ගොවිතැන් කිරීමට ප්‍රමාණවත් තරම් ජලය සැපයිය නොහැකි බවයි.
එහෙයින් තම පවුල් වලට රජයෙන් සහනාධාර ලබා දිය යුතු බව ඔහු තවදුරටත් පැවසීය.

ගෝනගල ශ්‍රී සුමංගලරාමාධිපති පූජ්‍ය රන්සෑගොඩ මෙත්ත සිරි හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ ජලාශ වල ඇති තරම් ජලය තිබුනත් බලධාරීන් ජලය මුදා හැරීමට කටයුතු නොකරන්නේ රජය අපහසුතාවයට පත් කිරීමේ අදහසින් බවයි.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia