gossiplankanews.com- මහ නාහිමිවරුන්ගෙන් සමාව ගැනීමට සූදානම්

Atrhuraliye Rathana thera and Rafikdeenශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානය මගින් සිදුකරනු ලබන ආගම්වලට අපහාසාත්මකවන ප්‍රකාශ ප්‍රචාරය කිරීමෙන් වළකින මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සියලු මාධ්‍ය ආයතනවලට නියම කරයි.
අධිකරණය හමුවේ ශ්‍රී ලංකා ජම්මියතුල් උලමා සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් කළ ඉල්ලීමකට අනුවයි අධිකරණය මෙම නියෝගය කළේ.
බුදුදහමට අපහාස කළේ යැයි පවසමින් අදාළ සංවිධානයේ ලේකම් අබ්දුල් රෆික්දින්ට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල කැඳවු අවස්ථාවේ පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකාර සංවිධානයට ආගම ප්‍රචාරය කිරීම සදහා අවසර දී නොමැති බවට මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති බවයි.

සමාව ගැනීම

පැමිණිලිකාර ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් කරුණු දැක්වීමට සුදානම් වූ අවස්ථාවේ අධිකරණය ඇමතු මහේස්ත්‍රාත්වරයා සැකකරු තමන් කල වරද පිළිබඳව කම්පා වී
මහ නාහිමිවරුන්ගෙන් සමාව ඉල්ලා සිටීමට සුදානම් බැවින් තවදුරත් කරුණු දැක්වීමක් අවශ්‍යදැයි විමසා සිටියේය.
එහෙත් අතුරලියේ රතන හිමියන් පවසන්නේ සමාව ගැනීමේ ක්‍රියාවලිය කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙල පිටුපස මුස්ලිම් අන්තවාදය පතුරුවාලීමේ උත්සාහයක් පවතින බවයි.
“මුස්ලිම් අන්තවාදය පතුරුවාලීමේ අදහසින් ක්‍රියාත්මක සංවිධාන රැසක් අපේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඒවා අපි නිවැරදිව හඳුනා ගත යුතුයි.’’ යනුවෙන් සදහන් කල රතන හිමියන් මෙවැනි සංවිධාන පාලනය කිරීමේ යාන්ත්‍රණයක් රජය විසින් සකස්කළ යුතු බවද කියා සිටියේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරු අතින් යම් වරදක් වී ඇත්නම් එය නිවැරදි කරගත යුත්තේ බෞද්ධ සමාජය ඉදිරියේ බවයි.
“ආගම් ප්‍රචාරයට හෝ ආගම් පිළිබඳව නිවැරදි කිරීම් කරගැනීමට අධිකරණය භාවිතා කිරීමට ඉඩ දෙන්න බෑ’’ යනුවෙන් සදහන් කල මහේස්ත්‍රාත්වරයා මීළඟ නඩු දිනට ප්‍රථම අදාළ සමාව ගැනීම සිදු කිරීම සුදුසු බවයි ප්‍රකාශ කළේ.

චේතනාව

මෙහිදී විත්ති පාර්ශවය අධිකරණය හමුවේ ප්‍රකාශ කලේ සිදුවූ වරද පිළිබඳව තමන් අස්ගිරි සහ මල්වතු නාහිමියන් හමුවී සමාව ගැනීමට සුදානම් බවයි.
බුදුන් වහන්සේට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුල නොතිබූ බවයි ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රෆික්දින් ප්‍රකාශ කලේ.
‘’ඇතැම් පිරිස් වැරදි අර්ථකථන දීම නිසා තමයි මෙවැනි ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙන්නේ. අපි අන්තවාදී සංවිධානයක් නොවෙයි. ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් අපහසුතාවයට පත්වූ අවස්ථාවල අපි පාරට බැස සටන් කළා. කොටි ත්‍රස්තවාදයට විරුද්ධවත් අපි සටන් කළා." යනුවෙන් සඳහන් කළ ඔහු මහා නාහිමිවරුන්ගෙන් සමාව ඉල්ලීමට සුදානම් බවයි කියා සිටියේ.
අනතුරුව නඩු විභාගය ජුලි මස 08 වෙනිදාට කල් තැබූ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලිසියට නියම කළේය.
මේ අතර අධිකරණයට ඉදිරිපත්වූ අදාළ සංවිධානයේ නිලධාරින් පස් දෙනෙකු ඇපමත මුදාහැරීමටද අධිකරණය විසින් තීන්දු කෙරිණ.
පසුගිය 2013 වසරේ මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති රැස්වීමකදී බුදුන් වහන්සේ මිනිමස් අනුභව කොට ඇති බවත් ත්‍රිවිධ රත්නය යනු මැණික් ගල් තුනක් බවත් ප්‍රකාශ කිරීම තුලින් සැකකරු දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදුකල බව පවසමින් පොලිසිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.


gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia