gossiplankanews.com - ලොව පුරා කෝටි සියයකට 'වැසිකිලි නෑ'


ඉන්දියාවේ කෝටි හැටක ජනකායකට තවමත් වැසිකිලි නැහ ලොව පුරාම කෝටි සියයක ජනතාවට තවමත් වැසිකිලියක් නැති වීම කොලරාව, පාචනය සහ සෙංගමාලය වැනි මාරාන්තික රෝග පැතිර යාමට හේතු වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.
ලොව පුරා ඉතාමත් දිළිඳු ජනතාවට සනීපාරක්ෂක සේවා සැපයීමේ වැඩසටහනේ කොටසක් වශයෙන් වැසිකිලි සපයා දී තිබෙන නමුත් බොහෝ විට එම වැසිකිලි භාවිතයට නොගන්නා බවයි, යුනිසෙෆ් සහ ලෝක සෞඛ්‍ය සංවිධාන පවසන්නේ.
ඉන්දියාවේ පමණක් කෝටි හැටක ජනකායකට තවමත් වැසිකිලි නැහැ.

ඉන්දියාවේ වැසිකිලි ප්‍රශ්නය විසඳීම පිණිස දැනටමත් ඩොලර් කෝටි ගණනක් වියදම් කොට තිබෙන නමුත් තවමත් එයට විසඳුම් ලැබී නැති බවද එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පවසති.
කෙසේ නමුත් බංග්ලාදේශය සහ වියට්නාමය මේ වන විට එළිමහනේ වැසිකිලි යාම සම්පූර්ණයෙන්ම පාහේ නවතා දැමීමට සමත් වී තිබෙන බවද ඔවුහු පවසති.

gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia