gossiplankanews.com-තායිලන්තයේ යුද නීතිය

තායිලන්තයේ යුද නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ හමුදාව බැංකොක් නුවර සහ නගරයෙන් පිට ප්‍රධාන ස්ථානවල මුර සංචාරයේ නිරතව සිටිති.

මහා මාර්ග යුද ටැංකි මගින් අවහිර කොට ඇති අතර ගුවන් විදුලි සහ රූපවාහිනී ආයතන වසා දමා තිබේ.යුද නීතිය මගින් විශාල බලයක් හිමිවන නමුත් යුද හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් නොකරන බවත් එය ක්‍රියාත්මක කරනුයේ මහජන ආරක්ෂාව සඳහා පමණක් බවත් යුද හමුදාව ප්‍රකාශ කරයි.
රජයට විරුද්ධ කණ්ඩායම් විසින් ගෙන ගිය ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හිස්ව තිබූ රජයේ ප්‍රධාන ගොඩනැගිලිවලට යුද හමුදාව ගොස් ඇති බවටත් වාර්තා වෙයි.

රජය දූෂිත පරිපාලනයක් පවත්වාගෙන යන බව පවසමින් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් විරෝධතා දියත් කිරීම හේතුවෙන් එම ගොඩනැගිලි හිස්ව තිබිණ.

යුද නීතිය පැනවීමේදී යුද හමුදාව රජය සමග සාකච්ඡා කර නැත.


gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති