gossiplankanews.com- එක පෙම්වතිය පතා තරුණයන් දෙදෙනා ගැටුමක Get link Facebook X Pinterest Email Other Apps - May 13, 2014 ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සුළු සේවකයකු සහ ආරක්ෂක නිලධාරියකු අතර සිදුවූ ගැටුමකින්(ගැටුම) දෙදෙනාම තුවාල ලබා මේ වනවිටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති. ඊයේ මෙම ගැටුම හටගෙන ඇත්තේ රෝහලේ ආරක්ෂක අංශයේ සේවය කරන ඔවුන් දෙදෙනාගේ එකම පෙම්වතිය හේතුවෙනි. ඇය දෙදෙනා සමඟම පේ‍්‍රම සම්බන්ධතාවක් පැවැත්වීම හේතුවෙන් ඇතිවු ආරවුලක් නිසා මෙම ගැටුම ඇතිවී ඇත. Get link Facebook X Pinterest Email Other Apps Comments
gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක් - June 23, 2014 ශ්‍රී ලංකා රජයට සම්බන්ධ දෙස් විදෙස් ආයතන ගණනාවක නිල වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළුවී ඒවායේ පාලනය සියතට ගැනීමට ක්‍රියාත්මක වන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව රජයට තොරතුරු අනාවරණය වී තිබේ. ඔපරේෂන් ශ්‍රී ලංකා නමින් හඳුන්වා ගන්නා මෙම කණ්ඩායම (Hackers) ශ්‍රී ලංකා රජයේ වෙබ් අඩවි 352කට බලෙන් ඇතුළු වී දත්ත සොරා ගත් (හැක් කළ) බව ඔවුන්ගේ ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.බේරුවල සහ අලුත්ගම ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයට එරෙහිව සයිබර් යුද්ධයක් ඇරඹූ බව මෙම කණ්ඩායම එම ගිණුමේ දක්වා තිබේ. Read more
gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක් - May 09, 2014 වැට් බදු වංචා කිරීමේ චෝදනාවලට වරද පිළිගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලක කොළඹ මහාධිකරණය විසින් වසර එකසිය දෙකක බර පතල සිර දඬුවමකට යටත් කරනු ලැබුණි. රුපියල් කෝටි හාරසීයකට ආසන්න වැට් බදු වංචා කළ බවටයි, හිටපු කොමසාරිස්වරයා චෝදනා ලැබ සිටියේ. වසර හයකට ආසන්න කාලයක නඩු විභාගයකින් අනතුරුව අදාළ චෝදනාවලට තමන් වරද පිළිගන්නා බවයි, ඥානසිරි සොයිසා නමැති විත්තිකරු ප්‍රකාශ කළේ.වරද පිළිගත් චූදිතයාට දඬුවම් නියම කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ කුමුදිනී වික්‍රමසිංහ කොළඹ මහාධිකරණ විනිසුරුවරිය, ඉහත කී සිර දඬුවමට අමතරව රුපියල් කෝටි 1197 ක දඩ මුදලක් ගෙවන ලෙසත් ඔහුට නියම කළාය. නීතිපතිවරයා චූදිත හිටපු නියෝජ්‍ය කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා තිස් හතරක් ඉදිරිපත් කර තිබුණි. Read more
gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’ - June 20, 2014 බෞද්ධ උත්සව පැවැත්වෙන අවස්ථාවල දී භික්ෂූන් වහන්සේ යම් නගරයකට යාම හෝ රැස්වීම් පැවැත්වීම හෝ වැළැක්වීමට නොහැකි බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. අලුත්ගම ප්‍රදේශයේ ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති ව තිබූ අවස්ථාවක බොදු බල සේනා සංවිධානයට අලුත්ගම දී රැළියක් පැවැත්වීමට අවසර ලබා දීම පිළිබඳ ව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍ය වරයා එම අදහස් පළ කළේ. පොසොන් උත්සවය යෙදී තිබුණේ ඉන් දින දෙකකට පෙර බව පෙන්වා දුන් අවස්ථාවේ දී අමාත්‍යවරයා පැවසුවේ වෙසක් සහ පොසොන් වැනි උත්සව දින කිහිපයකට වඩා සමරන බවයි. Read more
Comments
Post a Comment