gossiplankanews.com- මන්ත්‍රීවරයා දන ගැස්සු ප්‍රියානි ගුරුවරියගෙන් ශිෂ්‍යත්ව අරමුදලක්‌

 ප්‍රියානි(ප්‍රියානි) මහත් ආන්දෝලනයකට තුඩුදුන් නවගත්තේගම ගුරුවරිය දණගැස්‌වීමේ සිද්ධියේ නඩු තීන්දුව අනුව එම ගුරුවරියට ලැබුණු රුපියල් තුන් ලක්‌ෂයක වන්දි මුදලින් අහිංසා ශිෂ්‍යාධාර අරමුදල නමින් ශිෂ්‍යත්ව අරමුදලක්‌ පිහිටුවනු ලැබ ඇත.
ප්‍රියානි සුසිලා හේරත් නම් එම ගුරුවරිය මෙම අරමුදල ආරම්භ කර ඇත්තේ අසරණ දක්‌ෂ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමට මෙන්ම



හිංසනයට ලක්‌වන ඇය වැනි ගුරුවරුන්ට උපකාර කිරීම වෙනුවෙනි. අරමුදලේ ප්‍රථම ශිෂ්‍යත්වධාරීන් ලෙස එම ගුරුවරිය ඉගැන්වූ නවගත්තේගම පාසලේම උසස්‌ පෙළ දිළිඳු දරුවන් තිදෙනකු තෝරාගෙන ඇත. මෙම දරුවන් උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින තෙක්‌ ශිෂ්‍යාධාර පිරිනැමේ.
මීට අමතරව මහත් ආන්දෝලනයක්‌ ඇති කළ පාසලේ පහසුකම් ගාස්‌තු ගෙවීම සඳහා පොල් ගෙඩියක්‌ ඇහිඳගත් හොරණ ප්‍රදේශයේ දැරියට මෙන්ම සෙරෙප්පු දෙක බෙල්ලේ එල්ලීමේ දඬුවමට ලක්‌වූ ත්‍රිකුණාමලයේ දැරියටද ශිෂ්‍යත්ව පිරිනැමීමට මේ වන විට පියවර ගෙන ඇත.
එම ගුරුවරියගේ නිවසේ ලිපිනය වන හේරත්වාස, මල්මඩුගම, නවගත්තේගම යන්න අරමුදලේ ලිපිනය වන අතර ඒ සඳහා ආණමඩුව සම්පත් බැංකුවේ අංක 114361000680 දරන ගිණුම ආරම්භ කර තිබේ. අරමුදල අධීක්‍ෂණය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විඡේසූරිය, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, වෘත්තීය සමිති නායකයකු වන සමන් රත්නප්‍රිය හා හිටපු විභාග කොමසාරිස්‌ ජනරාල් ඒ. එම්. ආර්. බී. අමරකෝන් යන මහත්වරු පත්ව සිටිති.
මෙම කරුණු අනාවරණය වූයේ ගුරු වෘත්තීය සංගම් ප්‍රධානත්වයෙන් හා ප්‍රියානි සුසිලා ගුරු මහත්මියගේ සහභාගිත්වයෙන් කොළඹ නිපොන් හෝටලයේ ඊයේ (21 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia