gossiplankanews.com- මන්දබුද්ධික තරුණිය දුෂණය කර දරුවෙකුත් දුන්න සැකකරුවන් දෙන්නා නිදහස්

rapegමන්දබුද්ධික තරුණියක් දූෂණය කළ සැකකරුවන් දෙදෙනෙකු මුදා හරින ලෙස නීතිපතිවරයා විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට උපදෙස් ලබාදී ඇත.
දින රහිත ලිපියක් මගින් නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව කටයුතු කළ කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා ස්ත්‍රී දූෂණ සිද්ධියෙන් සැකකරුවන් දෙදෙනා මුදාහැරීමට නියම කළේය.


දූෂණයට ලක්වීම හේතුවෙන් මන්ද බුද්ධික තරුණියට ලැබුණු දරුවාගේ පියා සුසන්ත විජිත බණ්ඩාර නමැති සැකකරු බව ඩී.එන්.ඒ. වාර්තාව මගින් තහවුරුවී තිබියදී නීතිපතිවරයාගේ උපදෙස්වලට අනුව ඔහු මෙන්ම ධර්මසිරි බණ්ඩාර නමැති සෙසු සැකකරුද මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
2010 වසරේදී මන්ද බුද්ධික තරුණියගේ සහෝදරයා විසින් නාරම්මල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව කළ පරීක්ෂණ වලින් අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති