gossiplankanews.com- උතුරු කොරියාව 'සැබෑ රාජ්‍යයක් නොවේ'

උතුරු කොරියාව 'නායක කිම් ජොන්ග් උන් ගේ ලාභ ප්‍රයෝජන සඳහා පමණක් පවතින රාජ්‍යයක්'
උතුරු කොරියාවට වාග් ප්‍රහාරයක් එල්ල කළ දකුණු කොරියාවේ නිලධාරියෙක්, උතුරු කොරියාව සැබෑ රාජ්‍යයක් වශයෙන් පිළිගත නොහැකි බව කියා සිටියේය.
උතුරු කොරියාව යනුවෙන් රටක් ඉතා ඉක්මනින් නැති විය බවයි දකුණු කොරියානු ආරක්ෂක ප්‍රකාශක කිම් මින් සිඔක් පවසන්නේ.

උතුරු කොරියාව තුල මානව හිමිකම් සහ නිදහස නැති බව පවසන දකුණු කොරියානු ප්‍රකාශකයා, එරට පවතින්නේ තනි පුද්ගලයකු වන නායක කිම් ජොන්ග් උන් ගේ ලාභ ප්‍රයෝජන සඳහා පමණක් බවයි වැඩි දුරටත් පැවසුවේ.
මෑතක දී උතුරු කොරියාව විසින් දකුණු කොරියානු අගමැතිනිය ගණිකාවකට සමාන කළ අතර ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා හඳුන්වා තිබුණේ කළු වඳුරෙක් ලෙසින්.

කොරියානු රාජ්‍යයන් දෙක අතර දැන් දක්නට ලැබෙන්නේ ඉතාම පිරිහුණ සබඳතා සහිත කාල පරිච්ඡේදයකි.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති