gossiplankanews.com- 'පොලිස් බලය අයුතු ලෙස පාවිච්චි කරලා'-මහේස්ත්‍රාත්

පොලිසිය ඉදිරිපත් කරන කරුණු පමණක් පදනම් කර ගනිමින් විශ්ව විද්‍යාල සිසු උද්ඝෝෂණ තහනම් කිරීමට නියෝග නිකුත් නො කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය කියා සිටියි.
අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් පෙළපාලි පැවැත්වූ බවට චෝදනා කරමින් සම සෞඛ්‍ය සිසුන් දහහත් දෙනෙකුට එරෙහිව පොලිසිය ඉදිරිපත් කල පැමිණිල්ල විභාග කෙරුණ අවස්ථාවේයි මහේස්ත්‍රාත්වරයාඉහත කී අදහස් පළකළේ.
සිසු උද්ඝෝෂණ තහනම් කිරීමට නියෝග ලබා ගැනීමට අවශ්‍ය නම් සතියකට පෙර අදාළ ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කල යුතු බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා පසුව සියලු පාර්ශව කැඳවා නිසි විභාගයකින් අනතුරුව පමණක් අදාළ නියෝග පිළිබඳ සලකා බලන වැඩි දුරටත් කියා සිටියේය.
එම අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අධිකරණය හමුවේ කියා සිටියේ ලෝක තරුණ සමුළුව පැවති දා තෝරා ගත් මාර්ග කිහිපයක පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් අධිකරණය දුන් නියෝගය සැකකරුවන් කඩ කර ඇති බවයි.

‘’පෙළපාලි පැවැත්වීම සම්බන්ධයෙන් අපේ කිසිම විරෝධතාවක් නැහැ. අදාළ දිනයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන මෙන් අපි අදාළ සිසුන්ට දැනුම් දුන්නා. එහෙත් ඔවුන් අධිකරණ නියෝග කඩ කරමින් පෙළපාලි යාම නිසා තමයි, අපි මෙම පියවර ගත්තේ.’’ යනුවෙන් සඳහන් කල නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිසිය විසින් නම් කරන ලද ස්ථානවල උද්ඝෝෂණ කිරීම පිළිබඳ පොලිසියේ විරුද්ධත්වයක් නොමැති බව කියා සිටියේය.
ඊට විරෝධය පල කළ විත්තියේ නීතිවේදීහු පොලිසිය විසින් අසත්‍ය තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර පෙළපාලි තහනම් නියෝගය ලබා ගෙන ඇති බවට චෝදනා කළහ.
උද්ඝෝෂණ පැවැත්වීමේ නිදහස මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇතැයි පැවසූ විත්ති පාර්ශවයේ නීතිඥ ගුණරත්න වන්නිනායක, පොලිසියට අවශ්‍ය වන ආකාරයට උද්ඝෝෂණ පැවැත්වීමට සිසුන් සුදානම් නොමැති බවයි කියා සිටියේ.

අවම බලය

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ පොලිසියට මෙවැනි පියවරක් ගැනීමට හේතු වූයේ පෙළපාලි පැවැත්වීම මගින් මහජනයාට සිදු විය හැකි අවහිරතා අවම කිරීමට බවයි.
අනතුරුව සැකකාර සිසුන් ඇප මත මුදා හල මහේස්ත්‍රාත්වරයා ඔවුන් ඉදිරි කාලයේ මහජනයාට අවහිරතා ඇති විය හැකි ක්‍රියා වල යෙදෙන්නේ දැයි අධිකරණය අවධානයෙන් සිටින බව ද කියා සිටියේය.
සම සෞඛ්‍ය සිසුන් අත්අඩංගුවට ගැනීමේ දී පොලිස් බලය අයුතු ලෙස පරිහරණය කර ඇති බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මේ අතර පොලිසියට චෝදනා කළේය.
පොලිසිය අවම බලය භාවිතා කිරීම යනු සැකකරුවන්ගේ ඇස් පිටතට පනින තුරු පහර දීම දැයි ප්‍රශ්න කල මහේස්ත්‍රාත්වරයා, පහර කෑමට ලක් වූ සිසුන් බැලීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත යන බවත් පැවසුවේය

gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia