gossiplankanews.com-දුම්වැටි අසුරනවල රූපමය අවවාදයට සීමා
අභියාචනාධිකරණයේ තීන්දුව වුනේ දුම්වැටි අසුරනවල සියයට පනහත් දුම්වැටි අසුරනවල සියයට පළ කිරීමට අවසර දෙන බවයි.
දුම් පානය අවම කිරීමට රජය විසින් ගනු ලැබ තිබුන තීරණයට එරෙහිව ලංකා දුම් කොළ සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි, අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ.
අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායක මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ දුම්වැටි සහ මද්‍යසාර මැඩලීමේ රජයේ වැඩ පිළිවෙළ දියත් කිරීම සඳහා අධිකරණය ලබා දුන් අවස්ථාව ප්‍රමාණවත් බවයි.
"දුම් පානය නිසා වාර්ෂිකව විශාල පිරිසක් පිළිකා රෝගයෙන් මිය යනවා. මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට අධිකරණය ලබා දුන් රූපමය අවවාද ඉඩ ප්‍රමාණය පිළිබඳව සැහීමකට පත් වෙන්න පුළුවන්.’’ යනුවෙන් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායක වැඩි දුරටත් පැවසුවේය.
තීන්දුවේ ගැටළු
අධිකරණය සිය තීන්දුවෙන් ප්‍රකාශ කර සිටියේ දුම්වැටි කර්මාන්තය ශ්‍රී ලංකාවේ පිළිගත් කර්මාන්තයක් බවයි.
දුම්වැටි අසුරනවල සියයට අසූවක ප්‍රමාණයක රූපමය අවවාදය පළ කිරීමට අවසර දීම තුලින් දුම් කොළ කර්මාන්තයට අගතියක් සිදු වන බවයි අධිකරණ තීන්දුවේ දැක්වෙන්නේ.
එහෙත් එම තීන්දුව ගැටළු සහගත බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ දුම්වැටි හා මද්‍යසාර පිළිබඳ කමිටු සාමාජික වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු පවසයි.
"රජය මෙන්ම පාර්ලිමේන්තුව පවා සියයට අසූවක ඉඩ ප්‍රමාණයක රූපමය අවවාදයක් ලබා දිය යුතු බවට තීන්දු කර තිබිය දී ඉහත කී තීන්දුව ගැටළු සහගතයි. මේ පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසුව සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්න අපි බලාපොරොත්තු වෙනවා.’’ යයි අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු කියා සිටියේය.
gossiplanka
Comments
Post a Comment