gossiplankanews.com- සිසුවියකගේ කොණ්ඩය කැපු ගුරුවරියන් නීතියේ රැහැනට

සිසුවියකගේකොණ්ඩය බලහත්කාරයෙන් කැපීම සම්බන්ධයෙන් වත්තේගම, ප්‍රදේශයේ පාසලක ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම පාසලේ හය වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් පාසලේ පන්ති කාමරයක් තුළ දී අදාළ සිදුවීමට මුහුණ දී ඇති බව සඳහන් වෙයි.
තම දියණියගේ විරෝධතාව නොසලකමින් ඇයගේ කොණ්ඩය කැපීම පිළිබඳ සිසුවියගේ මව්පියන් වත්තේගම පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.


ඒ අනුව අදාළ ගුරුවරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 25,000ක ශරීර ඇප මත මුදාහැර ඇති බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි


gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’