gossiplankanews.com-“දුෂකයින් රුසියානු කතගේ පියයුරු සපා තිබුනා” – වෛද්‍ය ගුණසේන

රුසියානුතංගල්ල නේචර් හෝටලයේ පැවති නත්තල් සාදයකදී බි්‍රතාන්‍ය ජාතික කුරාම් සෙයික් නමැත්තාව ඝාතනය කොට ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය සමූහ දූෂණයට ලක්කිරීම ගැන සාක්ෂි විභාගයේදී එම සමූහ දූෂණයෙන් පසු වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රාව පරීක්ෂාවට ලක් කළ වෛද්‍ය ධම්මි ගුණසේන එම අවස්ථාවේ වික්ටෝරියාගේ ශරීරය පිළිබඳ ඊයේ මහාධිකරණයට වාර්තා කළා.
ඇගේ දකුණු පියයුර මත මිනිස් සපාකෑමක සලකුණු තිබුණා. ඇයගේ ශරීරයේ ලිංගික ප්‍රදේශය ඇතුළු ශරීරයේ ස්ථාන කිහිපයක තුවාල තිබුණා. එම සිද්ධියේදී ඇය ලිංගික අතවරයකට ලක්වී තිබූ බව අධිකරණ වෛද්‍ය විද්‍යාව අනුව තමාට මතයක් ලෙස ප්‍රකාශ කළ හැක්කේ. හිස් කබලේ අස්ථි භග්නයක් සිදුවීම නිසා ජීවිතයත් මරණයත් අතර සිටි වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා නමැති රුසියානු ජාතික තරුණියව හදිසි ශල්‍යකර්මයක් සඳහා ශල්‍යාගාරයට ගෙනයාමට නියමිතව තිබියදී තමයි මා ඇයව පරීක්ෂා කළේ. යැයි ගාල්ල
කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ධම්මි ගුණසේන ප්‍රකාශ කළා.
ඇය මෙසේද පැවසුවා.



මම දැනට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ සේවය කරනවා. මම රුහුණු විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබුවා. අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඩිප්ලෝමාව ලැබුවා. මම දැනට වෛද්‍යවරයකු ලෙස අවුරුදු 16 ක් සේවය කර තිඛෙනවා. 2008 සිට අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපාධිය කරනවා. රෝගීන් 6,300 ක් පමණ පරීක්ෂාකොට අධිකරණ, වෛද්‍ය වාර්තා 2,200 ක් පමණ සපයා තිඛෙනවා. අද මම අධිකරණයක් හමුවේ සාක්ෂි දෙන්නේ තුන්වැනි වතාවටයි. වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා නමැති රෝගියාව මා පරීක්ෂා කළා. ඒ කරාපිටිය ශික්ෂණ රෝහලේදී. එහි දැඩි සත්කාර ඒකකයේ දී 2011. 12. 25 වැනිදා මම ඇයව පරීක්ෂා කළා. ඇයව පරීක්ෂා කළේ ප්‍රධාන වශයෙන් පහරදීමකට ලක්වූ වින්දිතයකු වශයෙන් තමා පරීක්ෂා කළා. පසුව විශේෂඥ වෛද්‍ය පරීක්ෂණයට යොමු  කළා. ඇයව හදිසි සැත්කමකට ගෙනයාමට තිබූ නිසා එදින 9.30 සිට 10.15 වන තුරු මා ඇයව පරීක්ෂා කළා. මොළයට සිදුවූ මාරාන්තික තුවාලයකට  ඉතාම ඉක්මනින් ඇයට සැත්කමක් කළ යුතුව තිබුණා. නමුත් ඇය හොඳ සිහිකල්පනාවෙන් හිටියා. ඇය ශ්වසන අපහසුතාවකට පත්ව සිටියා. ඔක්සිජන් ලබාදෙමින් සිටියා. ඇයව නොසෙල්වෙන ඉරියව්වක තබා තිබුණේ. ඒ නිසා ඇගේ සෞඛ්‍ය තත්ත්වයට බාධාවක් නොවන පරිදි තමයි මට පරීක්ෂණ කරන්න වුණේ. ඇය සමග කතා කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඇය ඉංග්‍රීසි භාෂාවෙන් මට කිව් සියලු දේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පත්‍රයේ සටහන් කළා.
ඇය මට එහිදී කීවා 24 වැනිදා රාත්‍රියේ පැය 11.00 ත් 12.00 ත් අතර නත්තල් පාටියට මම මගේ පෙම්වතා සමග සහභාගිවෙමින් සිටියා. මම හෝටල් භූමිය තුළ ඔහුව හෙව්වා. ඔහු පොළොව මත වැටී සිටිනවා දැක්කා. පිරිමි කාණ්ඩයක් ඇවිත් එකපාරටම මාව බදාගත්තා. මම ඔවුන් සමග පොරබැදුවා එවිට මට සිහිය නැතිවුණා. යළි සිහිය ලබන විට මම හෝටලයේ හිටියේ මට සිහිය එනවිට මගේ ඇගේ යට ඇඳුම් ගලවා තිබුණේ කියා ඇය මට එහිදී කීවා. ඒ සමග ඇය එහිදී තමන් අත්දුටු සිද්ධීන් කිහිපයක් ගැනත් මට කීවා. මා ඒවා ඇගේ වෛද්‍ය වාර්තාවේ ඇය කීයූ ලෙසම සටහන් කොට තිඛෙනවා.
ඇයගේ තුවාල මා පරීක්ෂා කළා. ඇගේ බාහිරව හිස ප්‍රදේශය ප්ලාස්ටර් දමා ආවරණය කර තිබුණේ.
අංක 01 ලෙස මා සටහන් කර ඇති තුවාලයේ ඇගේ හිසේ වම්පස හිස ප්‍රදේශයට බරපතළ තුවාලයක් තිබුණේ. හිස් කබලේ අස්ථි භග්නයක් සිදුවී තිබුණා. ඇඳහිස වාර්තාවේ ස්නායු වෛද්‍යවරයා විසින් මොළයේ සී.ටී. පරීක්ෂණයකින් පසුව එලෙස සටහන් කර තිබුණා.
හිස් කබලේ සී.ටී. පරීක්ෂණ වාර්තාව අනුව ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි. එලෙස ඉක්මනින් ප්‍රතිකාර නොලැබුණහොත් රෝගියා අනිවාර්යෙන්ම මියයා හැකියි. කියා ස්නායු වෛද්‍යවරයා ඇඳිහිස් පත්‍රයේ සටහන් කර තිබුණා.
එම තුවාලය හිසට සිදුවූ ඉතා දරුණු බලයක් නිසා සිදුවිය හැකියි.
පැ/නීතිඥ – හිස් කබලේ එවැනි තුවාලයක් සිදුවිය හැක්කේ මොන ආකාරයෙන් සිදුවීමක් නිසාද?
සාක්ෂිකාරිය – මොට ආයුධයකින් ඉතාම රළු ආයුධයක් භාවිත කරමින් හිසට පහරදී තිඛෙනවා.
මා එය පරීක්ෂා කරන විට මසා තිබුණා. කැඩුණු බෝතලයකින් පහරදීමකින් පවා එවැනි තුවාලයක් සිදුවිය හැකියි.
අංක 02 තුවාලයෙන් රුධිර වහන වීමක් සිදුවිය හැකියි. අංක තුන තුවාලය නළලේ තිබූ සීරීම් තුවාලයක්. එවැනි තුවාල වැටීමක් මගින් සිදුවිය හැකියි. අංක 04 තුවාලය දකුණු ඇසවටා පිහිටි තැළුම් තුවාලයක්. එය මොට ආයුධයකින් පහරදීමක් නිසා විය හැකියි. අංක 05 තුවාලය සීරීම් තුවාලයක් වම්පස වළලුකරට ඔබ්ඛෙන් තිබුණේ. අංක හය තුවාලය දකුණු පියයුරු මත තිබුණු තුවාලයක්. එය මනුෂ්‍ය සපාකෑමකින් සිදුවිය හැකි තුවාලයක්. එහි මනුෂ්‍ය දත් සලකුණු තිබුණා.
අධිකරණ වෛද්‍ය විද්‍යාවේ ලිංගික අතවර කිරීමේදී සපාකෑම් සලකුනු කරනවා.
මෙය ද්වේෂ සහගත ලෙස කළ සපාකෑමක් ලෙසට මතයක් ප්‍රකාශ කළ හැකියි. අංක 07 තුවාලය වම්පස පියයුරු මත තිබුණ තැළීම් තුවාලයක්. එය මොට බලයක් යෙදවූ තුවාලයක්. එම තුවාලය පැය 24 කට ආයු කාලයක් තුළ සිදුවූවක් ලෙසට සනාථ කළ හැකියි. අංක 08 තුවාලය යෝනිය ආශ්‍රිත ප්‍රදේශයේ තිබූ තැළීම් තුවාලයක්. අංක 08 තුවාලය රහසිගත ප්‍රදේශයේ තිබුණේ එය මොට බලයක් යොදවා කළ තුවාලයක්. අතින් ගැසීම නිසා හෝ මිරිකීම නිසා එය සිදුවිය හැකියි. අංක 09 තුවාලය දකුණු කලව මත තිබුණා.
එයත් මොට බලයක් පාවිච්චි කිරීම නිසා සිදුවූ තැළීම් තුවාලයක්. අංක 10 තුවාලය ලිංගාශ්‍රිතව තිබූ තුවාලයක්. ලිංගාශ්‍රිත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වැලි හා තණකොළ වැනි අපද්‍රව්‍යවලින් අපවිත්‍රවී තිබුණා. කන්‍ය පටලයේ තුවාල දෙකක් තිබුණා. යෝනි මාර්ගය විස්තාරණය වී තිබුණා. සාමාන්‍යයෙන් ඇගිලි දෙක් ඇතුළට දැමිය හැකි ලෙස. ඉන් ඇය ලිංගික සංසරණයක යෙදුණ බවට සලකුණක්. යෝනි මාර්ගය වටා අවට ප්‍රදේශය අපවිත්‍රවී තිබුණා.
ඇය වැලි හා තණකොළ තියෙන ප්‍රදේශයේදී කවුරුන් විසින් හෝ ලිංගික ක්‍රියාවක යෙදීමක් වීම නිසා එලෙස අපවිත්‍ර වී තිඛෙන්නට පුළුවන්.
ඇයව පරීක්ෂා කිරීමට පැය 24 කට වඩා අඩු කාලයකදී සිදුවූ ඒවා බවට වෛද්‍ය මතයක් ලෙස කියන්න පුළුවන්. ඒ සියලු තුවාල එකවර එකම කාල පරාසය තුළ පැය කිහිපයක් ඇතුළත ඒවා විය හැකියි.
තැළීම් තුවාලවල වර්ණය හා සීරීම් තුවාලවල ලේ සලකුණු අනුව එය පැය 24 කට වඩා අඩු කාලයකදී සිදුවූ ඒවා බව කියන්න පුළුවන්.
ඇය අවුරුදු 23 ක පමණ කාන්තාවක්. ඇය සම සුදු අයෙක්. වෛද්‍ය පරීක්ෂණය කරන කාලය තුළ ඇය ඉතා දරුණු වේදනාවකින් හිටියා. විශේෂයෙන් ඇගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ පරීක්ෂා කරන විට ඇය දරුණු වේදනාවකින් පෙළුණා. ඇය එම ප්‍රදේශ පරීක්ෂා කරන විට ඇය වේදනාවෙන් කෑගැසුවා. යම්කිසි බලයක් ලිංග්‍රාශ්‍රිත ප්‍රදේශවලට යෙදීම නිසා එවැනි තුවාල වෙන්න පුළුවන්. ලිංගික අතවරයකදී එවැනි තුවාල වෙන්න පුළුවන්. අංක 03 තුවාලය දරුණු තුවාලයක් ඇගේ ජීවිතය ගලවා ගැනීම සඳහා හදිසි සැත්කමකට ලක්කළ යුතු තුවාලයක් ඒක. අංක 05 තුවාලය අනුව හිසට එම සිදුවූ තුවාලය ඇය
කාලයක් සිහිසුන් නොමැතිව සිටිය බව පෙන්නුම් කළා. හිසට සිදුවූ දරුණු පහරක් නිසා ක්ෂණික සිහිනැතිවීමක් සිදුවෙනවා. අංක 06 තුවාලය යෝනි මාර්ගය ආශ්‍රිතව තිබුණා.
අංක 08 තුවාලය පියවි ඇසට පෙනෙන  තැනක නමෛයි තිබුණේ ලිංගාශ්‍රිත ඇතුළත ප්‍රදේශයේ සීරීම් හා තැළුම් තුවාල සපාකෑම් තුවාල. රෝගියාව පරීක්ෂා කරන්න පැය 24 කට වඩා අඩු කාලයකදී සිදුවූ ඒවා ලෙස කිව හැකියි. 25 රාත්‍රියේ සිදුවූ ඒවා විය හැකියි. අංක 09 කන්‍යා පටලයේ ඉරීම් තුවාල දෙකක් තිබුණා. අංක 10 තුවාලය ලිංගාශ්‍රිත අවයව පරීක්ෂා කිරීමේදී ශරීරයේ අනෙකුත් තුවාල පරීක්ෂා කිරීමේදී මෙම රෝගියා මෙම අවස්ථාවේදී ලිංගික අතවරයකට ලක්වූ බව මතයක් ලෙස සඳහන් කරන්න පුළුවන්.
කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයක් සිදුවුණොත් එවැනි තුවාල සිදුවෙන්න පුළුවන්. මෙම තරුණිය මෙම සිද්ධියේදී ලිංගික අතවරයකට ලක්වූ බව මතයක් කියන්න පුළුවන්. එය දූෂණය ඇගපත අතගෑම, මිරිකීම යෝනි මාර්ගය ලිංගික සංසර්ගය, සෘජු ලිංගික සබඳතා මින් අදහස් කරනවා.
සපාකෑම් ශරීරයේ තිබූ ස්ථාන අනුව ඒවා ලිංගික අතවරවලදී සිදුවිය හැකි ඒවා. ලිංගික අතවරයට ලක්වූ තුවාල මා නිරීක්ෂණය කළා. දකුණු පියයුරු මත තිබූ මිනිස් සපාකෑම් සලකුණු වම් පියයුරු මත තිබූ තැළීම් තුවාල, රහසිගත ප්‍රදේශයේ තිබූ තැළීම් තුවාල අනුව මා එවැනි මතයක් ප්‍රකාශ කරනවා.
ලිංගාශ්‍රිත තුවාල අනුව මෙම තැනැත්තියට යෝනි මාර්ග ප්‍රවේශයක් හෝ කලවා ආශ්‍රිත සිදුවීම් සිදුවී තිඛෙනවා. ශරීරයේ තිබූ තුවාල, සලකුණු ලිංගික ආශ්‍රිත ප්‍රදේශයේ තිබූ අපිරිසිදුතාවය හා රෝගියා විසින් කරන ලද ප්‍රකාශ හා මා නිරීක්ෂණය කළ අනෙකුත් නිරීක්ෂණ අනුව මා එම නිගමනයට ආවා. යෝනි මාර්ගයෙන් විශේෂ පරීක්ෂණයට අවශ්‍ය දේවල් අරගෙන මා රස පරීක්ෂක වෙත යැව්වා.
එම වාර්තාව අනුව එහි පුරුෂ ධාතු  හඳුනානොගත් බව මා වෙත වාර්තා එවා තිඛෙනවා. යෝනි මාර්ගයේ පරීක්ෂණයකදී සියයට 30 ක් පමණයි පුරුෂ ධාතු ඇතැයි කියන වාර්තාව ලැඛෙන්නේ. ලිංගික සංසර්ගයකදී  ධාතු පහවීමක් නොවන අවස්ථා තිඛෙනවා.
සියයට 34 ක් ධාතු පිටවීමක් නොවන බව කියනවා.  ධාතු යෝනි මාර්ගයට ඇතුල් නොවීම යම් යම් හේතු මත සිදුවෙනවා.
මෙම රෝගියා ජීවිතයත් මරණයත් අතර සටනක සිටිද්දී තමයි මට පරීක්ෂා කරන්න සිදුවුණේ. 10.20 ට පමණ රෝගියාව ශල්‍යාගාරයට රැගෙන ගියා ශල්‍යකර්මයෙන් පසුව ඇය සුවය ලබමින් සිටියා. නමුත් ශල්‍යකර්මයට පසුදාම එම රෝගියා මගේ අනුදැනුමකින් තොරව වෙනත් පෞද්ගලික රෝහලකට රැගෙනයාම නිසා මට වැඩිදුර පරීක්ෂණ කරන්න ලැබුණේ නෑ.”
වැඩිදුර සාක්ෂි විභාගය ලබන 19 වැනිදා උදෑසන 9.30 දක්වා කල් තැබිණි
gossiplankanews.com-

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia