gossiplankanews.com- දැරියක් අපයෝජනයට ලක් කර වසබී ලා
පෙරේදා (10දා) සවස 2.00ට පමණ මේ පුද්ගලයා කෘෂි රසායනය පානය කිරීමෙන් බරපතළ ලෙස රෝගීව අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු අනුරාධපුර උලුක්කුලම ප්‍රදේශයේ දැනට පදිංචිව අනුරාධපුර කඩ 30 ප්‍රදේශයේ ගරාජයක සේවය කරන විවාහක එක්දරු පියෙකි.
මොහු මීට මාස 03කට පමණ ඉහතදී ගරාජය ආසන්නයේ නිවසක පදිංචි අනුරාධපුර ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන බාල වයස්කාරියක් සමඟ පෙම් සබඳතාවක් ඇතිකරගෙන ඇයව බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර පළාගොස් සිටි අයෙකි.
මොහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකළ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ කොට්ඨාස ළමා කාන්තා කාර්යංශය අධිකරණ නියෝග මත මොහුට රටින් පිටවීමද තහනම් කර තිබුණි. සැකකරු කටුනායක ගුවන්තොටුපොළින් විදේශගත වීමට උත්සාහ කළ අවස්ථාවේ කටුනායක පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන විමර්ශන සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර දී තිබිණි. ඉන් අනතුරුව ඔහු මාස එකහමාරකට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර ඇති අතර ඔහුට ඇප ලබාදී ඇත්තේද පෙර බිරිය විසිනි. බරපතළ ලෙස අපයෝජනයට ලක්වූ සිසුවියගේ මව විදේශගතව සිට මීට සති කිහිපයකට ඉහතදී ලංකාවට පැමිණ තිබේ.
පෙරේදා (10දා) සැකකරුගේ බිරිය පොලිසියට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල මත දැරියගේ මවත්, සැකකරුත් ඔහුගේ බිරියත් පොලිසියට කැඳවා පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ සැකකරු ඔහුගේ බිරිය සමඟ බහින්බස් වීමක් ඇතිකරගෙන කාර්යාංශයෙන් ඉවතට දිවගොස් වැටෙහි ඔහු සඟවා විත් තිබූ කෘෂි රසායනය පානය කර දුම්රියට පැන සියදිවි නසා ගැනීමට දිවයද්දී පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී ඔහුව අල්ලාගෙන ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
gossiplanka
Comments
Post a Comment