gossiplankanews.com- දෙනුවර ප්‍රහාරයේ හඳුනා නොගත් මල සිරුරු
අතුරුදහන් වූ පිරිසෙන් සියයට හතලිහකට වැඩි පිරිසකගේ සිරුරු හඳුනාගෙන තිබේ
සැප්තැම්බර් මස එකොළොස් වෙනිදා නිව්යෝක් වෙළඳ මධ්‍යස්ථානය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය හඳුනා නොගත් සිරුරු කොටස් දහස් ගණනක් පෙර පැවති ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත නැවත ගෙන එනු ලැබ තිබේ.
මේ මස අවසාන භාගයේ දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට නියමිත නව කෞතුකාගාර පරිශ්‍රයේ බිම් මහලට යටින් එම සිරුරු කොටස් තැන්පත් කිරීමට නියමිතයි.
සිරුරු කොටස් රැගත් රථ පෙළට ආරක්ෂාව ලබා දෙමින් ගිණි නිවීමේ හමුදාවේ සහ පොලිස් නිල රථ ආරක්ෂක පහන් පමණක් දල්වා නිහඬව රථ පෙළ සමගින් ගමන් ගත් බවයි, මේ පිළිබඳ බීබීසියට විශේෂ වාර්තාවක් සපයන ඩේවිඩ් විලිස් පවසන්නේ.මීදුමෙන් බර අඳුරු සෙනසුරාදා උදෑසනක ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු කොටස් සහිත මංජුසා රැගත් නගරාරක්ෂක රථ තුනකින් සමන්විත වූ රථ පෙළ නිව් යෝක් වෛද්‍ය පර්යේෂණ ආයතන කාර්යාලයේ සිට ලෝක වෙළඳ මධ්‍යස්ථාන බිම් මහල වෙත ගමන් කළේය.
මීටර විස්සක් යටින්
ප්‍රහාරයට ලක් වුණු ලෝක වෙළඳ මධ්‍යස්ථානය පිහිටි භූමිය, අනුස්මරණ හා කෞතුකාගාර පරිශ්‍රයක් බවට පරිවර්තනය කොට තිබේ.
ඇමරිකානු ධජයෙන් ආවරණය කරන ලද මංජුසා ත්‍රිත්වය ගිණි නිවීමේ භටයින් දොළොස් දෙනෙකුගේ ආචාරය මැද ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ බිම් මහල වෙත ගෙන එනු ලැබිණ.
සමහර ඥාතීන් හා හිතවතුන් ගේ අදහස වී ඇත්තේ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් සිහිපත් කිරීමට වෙන් වෙන්ව ස්මාරක ඉදි කළ යුතු බව නමුත් සිරුරු ශේෂයන් සහිත මංජුසා කෞතුකාගාර පරිශ්‍රයේ බිම් මහලට මීටර විස්සක් යටින් තැන්පත් කිරීමට නියමිතයි.
රථ පෙළ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ලඟා වන අවස්ථාවේ යම් කිසි පිරිසක් විසින් ඊට නිහඬව විරෝධතාව දැක්වූ බව ද බීබීසී වාර්තාකරු ඩේවිඩ් විලිස් වාර්තා කරයි.
ප්‍රහාරයෙන් පසු ලෝක වෙළඳ මධ්‍යස්ථාන බිම් මහලේ සිට අතුරුදහන් වූ බවට සැක කෙරෙන දෙදහස් හත්සීය පනස් තුන් දෙනෙකු අතරින් සියයට හතළිහකට වඩා වැඩි පිරිසකගේ සිරුරු හඳුනා ගැනීමට නිලධාරීන් සමත්ව ඇති බවයි, විශ්වාස කෙරෙන්නේ.
gossiplanka
Comments
Post a Comment